Thursday, January 12, 2017

නිරෝගී බවින් අගතැන්පත් බක්කුල මහරහතන් වහන්සේ

නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස "යො පුබ්බෙ කරණීයානි, පච්ඡා සො කාතුමිච්ඡති; සුඛා සො ධංසතෙ ඨානා, පච්ඡා ච මනුතප්පති. යඤ්හි කයිරා තඤ්හි වදෙ, යං න කයිරා න තං වදෙ; අකරොන්තං භාසමානං, පරිජානන්ති පණ්ඩිතා. සුසුඛං වත නිබ්බානං, සම්මාසම්බුද්ධදෙසිතං; සොකං විරජං ඛෙමං, යත්‍ථ දුක්‍ඛං නිරුජ්ඣතී"ති. ...

Friday, July 01, 2016

28. ගෞතම බුදුන් වහන්සේ

කාශ්‍යප බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන ද බොහෝ වර්‍ෂ ගණනාවක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම මහා භද්‍ර කල්පයේ ම සිව්වන අතුරුකප අප භාග්‍යවතුන් වහන්සේ පහළ ලෝ වූහ. එහිලා අප බෝසතාණෝ දීපංකරාදී සූවිසි බුදුන් හමුවෙහි ප්‍රාර්‍ථනා කරමින් සාරාසංඛ්‍ය කල්ප...

27 කස්සප බුදුන් වහන්සේ

කෝණාගමන බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම මහා භද්‍ර කල්පයේ ම තුන්වන අන්තර කල්පයේ සිව්සස් අවබෝධ කළ, දෙපා ඇති සතුන්ට උතුම් වූ, බැබළීම් ඇති කරණ, නමින් කාශ්‍යප නම් වූ දම්රද තෙම පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ...

26. කෝණාගමන බුදුන් වහන්සේ

කකුසඳ බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම මහා භද්‍ර කල්පයේ ම දෙවන අන්තර කල්පයේ දෙපා ඇති සතුන්ට උතුම් වූ, ලොවට උසස් වූ, නරදෙටු කෝණාගමන නම් ජිනරාජ තෙම පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා...

25. කකුසන්ධ බුදුන් වහන්සේ

ස්වයම්භූ වෙස්සභූ බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. ඒ කල්පය ද ඉකුත් කල එකුන්තිස් (29) කපක් ජිනසූර්‍ය්‍යයෝ නූපන්හ. මෙම මහා භද්‍ර කල්පයේ සිවුබුදු කෙනෙක් උපන්හ. කවර සතර නමක් ද? කකුසඳ කෝණාගමන කාශ්‍යප යන තුන් නම සහ අප බුදුරජාණෝ ය. මෛත්‍රී...

24. වෙස්සභූ බුදුන් වහන්සේ

සිඛී බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි දෙවන අන්තර කල්පයේ අසම වූ දිනූ අදහස් ඇති ලොව දිනූ වෙස්සභූ නම් ලෝනා සමිඳු පහළ වූහ. ඒ භාග්‍යවතුන් වහන්සේ පාරමී පුරා බෝධි ඥානය මෝරවා වෙස්සන්තර ආත්ම වැනි අත්බැව්හි සිට එයින්...

23. සිඛී බුදුන් වහන්සේ

විපස්සී බුදුන් පිරිනිවන් පෑ කල උන්වහන්සේගේ සසුන වර්‍ෂ ලක්‍ෂයක් පැවතිණි. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්‍රාවකයන්ගේ නැතිව යාමෙන් උන්වහන්සේගේ සසුන ද අතුරුදහන් විය. උන්වහන්සේගේ අපරභාගයෙහි මෙම කල්පයට කල්ප තිස්එකකට පෙර මණ්ඩ නම් කල්පයේ සම්බුදු වූ දෙපා ඇති සතුන්ට උතුම් වූ අසම වූ සිඛී, වෙස්සභූ යයි ජිනරාජවරු දෙනමක් වූහ. එහි සිඛී නම් ශාස්තෘන් වහන්සේ පාරමී...