ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම
ලෝකයෙන් චුත ව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. ඔවුහු රස
පොළොව අනුභව කරමින් ජීවත් වෙති. මේ හේතුවෙන් ඔවුන්ගේ
ආයුෂය, වර්ණය, සැපය, බලය හා ප්‍රඥාදිය පිරිහෙන්නේ ය.
අකුසලය බෝවන්නේ ය. සමාජයේ යහපත පිණිස සත්වයෝ ඔවුන් අතුරෙන්
ඉතා උතුම් රූප ඇති, ඉතා මහත් ආනුභාව ඇති, දක්‍ෂ ගැරහියයුතු
කාරණය ගරහන පැසසිය යුතු කාරණය පසසන සුදුස්සෙකු තෝරා
ඔහු ප්‍රධාන තනතුරේ තබන්නේ ය. ඔහුට වැටුප් ලෙස මිනිසුන්ගේ
අල් වී වලින් කොටසක් ද දෙන්නේ ය. එසේ මහජනයා විසින්
සම්මත කරන ලද්දේය යන අර්ථයෙන් ඔහු මහා සම්මත ලෙස හැඳින්වීය.
ඔහු අසංඛ්‍යය වර්ෂ ආයුෂ විය. ඔහු ඇවෑමෙන් ඔහුගේ පුත්‍ර
රෝජ රජ විය.
රජවරු
ගණන |
විස්තරය | පෙළපත |
28 |
1.
මහා සම්මත (මනු) රජු
මහා සම්මත (මනු) රජු
සූර්‍ය්‍ය පුත්‍ර වූ මනු තෙමේ මහජනයන් විසින් සම්මත
වන බැවින් මහා සම්මත නම් ව මුළු දඹදිවට ඒක රජ විය. ඔහු
විසින් වංශය අභිසම්මත විය. ඔහුගේ මුවෙන් මානෙල් සුවඳ
වෑහෙයි. ඇඟින් විදුලිය දහරක් සෙයින් රශ්මි නික්මෙයි.
ආකාශයෙහි බද්ධපර්යංකයෙන් හිඳියි. සකල ලෝකයා පුත්‍ර ස්ථානයෙහි
පරිපාලනය කොට අසංඛ්‍යයක් අවුරුදු රජ කළේ ය.
2. රෝජ රජු 3. වරරෝජ රජු 4. කල්‍යාණ රජු 5. වරකල්‍යාණ රජු 6. උපෝසථ රජු 7.
මන්ධාතු රජු
මන්ධාතු රජු
කාමභෝගීන්ට අග්‍ර රජු ලෙස සැලකේ.
8. චර රජු 9. උපචර රජු 10.
චේතිය රජු
චේතිය රජු
11. මුචල රජු 12. මහා මුචල රජු 13. මුචලින්ද රජු 14. සාගර රජු 15. සාගර දේව රජු 16. භරත රජු 17. භගීරථ රජු 18. රුචි රජු 19. සුරුවි රජු 20. ප්‍රතාප රජු 21. මහා ප්‍රතාප රජු 22. පනාද රජු 23.
මහා පනාද රජු
මහා පනාද රජු
24. සුදර්ශන රජු 25.
මහා සුදර්ශන රජු
මහා සුදර්ශන රජු
අප මහා බෝසතාණෝ මහා සුදර්ශන රජ ව රාජ්‍ය කළේ ය.
26. නේරු රජු 27. මහා නේරු රජු 28. අර්චිෂ්මත් (අච්චිම) මෙම රජවරු 28 දෙනා පිළිවෙළින් කුසාවතී නුවර, රජගහ නුවර හා මියුලු නුවර යන මේ තුන් නුවරවල්හි රාජ්‍ය කළහ. මොවුන් සියල්ලෝ ම වර්ෂ අසංඛ්‍ය බැගින් ආයුෂ විය. (උත්තර විහාරවාසීන්ගේ අටුවාවෙහි වනාහි, උපචරක රජුගේ පුත් චේතිය රජු බැහැර කොට, උපචරක රජුගේ පුත් මුචල තෙමේ රජ වී ය කියා අසංඛ්‍යායුෂ්ක වූ සත්විසි (27) රජ කෙනෙක් දක්වනු ලැබෙති.) වංසත්‍ථප්පකාස්නී |
මහා සම්මත |
100 | මෙම පරම්පරාවේ අන්තිම රජු වන අර්චිෂ්මත්ගේ පුතුට අප්‍රකට නමක් විය. හෙතෙම මියුලු නුවරින් නික්ම කුසාවතියට ගොස් රජ විය. ඔහුගේ ඇවෑමෙන් දරු මුනුබුරු මී-මුනුබුරන් 99 දෙනෙක් රාජ්‍ය අනුශාසනා කළහ. මෙම පරපුරේ අන්තිමයා අරින්‍දම නම් රජු විය. මෙම රජ පරපුර අර්චිෂ්මත් පරපුර ලෙස හැඳින්විය. | අර්චිෂ්මත් |
56 | අරින්‍දම රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 56ක් රජ දරුවෝ අයෝධ්‍යා නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා දුස්සහ නම් විය. | අරින්‍දම |
60 | දුස්සහ රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 60ක් රජ දරුවෝ බරණැස් නුවර රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා අජිත ජින නම් විය. | දුස්සහ |
84 000 | අජිත ජින රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 84 000ක් රජ දරුවෝ කපිල නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා බ්‍රහ්මදත්ත නම් විය. | අජිත ජින |
36 | බ්‍රහ්මදත්ත රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 36ක් රජ දරුවෝ හස්තිපුර නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා කම්බලවසන නම් විය. | බ්‍රහ්මදත්ත |
32 | කම්බලවසන රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 32ක් රජ දරුවෝ ඒකචක්ඛු නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා මුනින්‍දදේව නම් විය. | කම්බලවසන |
28 | මුනින්‍දදේව රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 28ක් රජ දරුවෝ වජිරවුත්ති නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා සාධික නම් විය. | මුනින්‍දදේව |
22 | සාධික රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 22ක් රජ දරුවෝ මධුර නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා ධම්මගුත්ත නම් විය. | සාධික |
18 | ධම්මගුත්ත රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 18ක් රජ දරුවෝ අරිට්ඨපුර නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා සිවි නම් විය. | ධම්මගුත්ත |
17 | සිවි රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 17ක් රජ දරුවෝ ඉන්‍ද්‍රප්‍රස්ත නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා බ්‍රහ්මදේව නම් විය. | සිවි |
15 | බ්‍රහ්මදේව රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 15ක් රජ දරුවෝ ඒකචක්ඛු නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා බලදත්ත නම් විය. | බ්‍රහ්මදේව |
14 | බලදත්ත රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 14ක් රජ දරුවෝ කෝසම්බි නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා හස්තිදේව නම් විය. | බලදත්ත |
9 | හස්තිදේව රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 9ක් රජ දරුවෝ කණ්ණගොච්ඡ නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා නගරදේව නම් විය. | හස්තිදේව |
7 | නගරදේව රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 7ක් රජ දරුවෝ රෝජ නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා මහින්‍ද නම් විය. | නගරදේව |
12 | මහින්‍ද රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 12ක් රජ දරුවෝ චම්පා නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා නාගදේව නම් විය. | මහින්‍ද |
25 | නාගදේව රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 25ක් රජ දරුවෝ මිථිලා නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා සමුද්දදත්ත නම් විය. | නාගදේව |
25 | සමුද්දදත්ත රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 25ක් රජ දරුවෝ රජගහ නුවර රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා දිවංකර නම් විය. | සමුද්දදත්ත |
12 | දිවංකර රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 12ක් රජ දරුවෝ තක්සලා නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා තාලිස්සර නම් විය. | දිවංකර |
12 | තාලිස්සර රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 12ක් රජ දරුවෝ කුසිනාරා නුවර රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා සුදින්න නම් විය. | තාලිස්සර |
9 | සුදින්න රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 9ක් රජ දරුවෝ තාම්‍රලිප්ති නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා සාගරදේව නම් විය. | සුදින්න |
1 |
සාගරදේව රජුගේ පුත්‍රයා
මඛාදේව
නම් විය. හෙතෙම මියුලු නුවර රාජ්‍යානුශාසනා කළහ.
මඛාදේව රජු
මඛාදේව රජ සුවාසු දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කොට සුවාසු
දහසක් අවුරුදු සකල ජම්බුද්වීපයෙහි චක්‍ර වර්තී ලීලාවෙන්
ඓශ්චර්‍ය්‍ය කොට, හිස නර කෙසක් දුටු කල දෙටු පුතුට රජ
කම දී, අඹ උයන්හි පැවිදි ව, සුවාසු දහසක් අවුරුදු තපස්
රැක ආයු කෙලවර බඹ ලොව ගියේ ය.
|
|
84 000 |
මඛාදේව රජු
ගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 84 000ක් රජ දරුවෝ මියුලු
නුවර රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා
මඛාදේව රජු
මඛාදේව රජ සුවාසු දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කොට සුවාසු
දහසක් අවුරුදු සකල ජම්බුද්වීපයෙහි චක්‍ර වර්තී ලීලාවෙන්
ඓශ්චර්‍ය්‍ය කොට, හිස නර කෙසක් දුටු කල දෙටු පුතුට රජ
කම දී, අඹ උයන්හි පැවිදි ව, සුවාසු දහසක් අවුරුදු තපස්
රැක ආයු කෙලවර බඹ ලොව ගියේ ය.
නිමි
නම් විය.
නිමි රජු
මඛාදේව නම් මහරජ බ්‍රහ්ම ලෝකයෙහි වසන්නේ තමාගේ වංශය
බලනුයේ දෙදෙනකුට අඩු සුවාසු දහසක් රජුන් පැවිදි ව බඹලොව
ගිය වුන් දැක සතුටු ව මේ ක්‍රමයෙන් මත්තේ පවතින්නේ දැයි
බලනුයේ නොපවත්නා බව දැන මාගේ වංශය මා ම පරිපාලනය කළ
මැනව යි බ්‍රහ්ම ලෝකයෙන් චුත ව මියලු පුරයෙහි නිමි නම්
රජ දරුව ඉපිද වැඩිවියට පැමිණ පිය රජහු හිස නර කෙසක්
දැක පුතුහට රජ දී මුවදෙව් උයනේ පැවිදි ව බඹලෝ ගිය කල්හි
පස් දන් හලක් කරවා දවසකට පස් ලක්ෂයක් ධනය වියදම් කොට
මහ දන් දී පන්සිල් රැක පෙහෙවස් සමාදන් ව මහජනයාහට ධර්ම
දේශනා කොට දානාදී පුණ්‍ය කර්ම පවත්වා වෛජයන්ත රථයට නැග
දිව්‍ය ලෝකයට ගොස් දෙවියන්ට දම් දෙසා අපර කාලයෙහි හිස
නර කෙසක් දැක පුතුහට රජ දී මුව දෙව් උයන්හි වැඩහිඳ පැවිදි
ව ධ්‍යාන වඩා ආයු කෙළවර බඹ ගියේ ය.
|
මඛාදේව |
3 |
1.
නිමි රජුගේ
පුත්‍රයා කලාරජනක නම් රජු විය.
නිමි රජු
මඛාදේව නම් මහරජ බ්‍රහ්ම ලෝකයෙහි වසන්නේ තමාගේ වංශය
බලනුයේ දෙදෙනකුට අඩු සුවාසු දහසක් රජුන් පැවිදි ව බඹලොව
ගිය වුන් දැක සතුටු ව මේ ක්‍රමයෙන් මත්තේ පවතින්නේ දැයි
බලනුයේ නොපවත්නා බව දැන මාගේ වංශය මා ම පරිපාලනය කළ
මැනව යි බ්‍රහ්ම ලෝකයෙන් චුත ව මියලු පුරයෙහි නිමි නම්
රජ දරුව ඉපිද වැඩිවියට පැමිණ පිය රජහු හිස නර කෙසක්
දැක පුතුහට රජ දී මුවදෙව් උයනේ පැවිදි ව බඹලෝ ගිය කල්හි
පස් දන් හලක් කරවා දවසකට පස් ලක්ෂයක් ධනය වියදම් කොට
මහ දන් දී පන්සිල් රැක පෙහෙවස් සමාදන් ව මහජනයාහට ධර්ම
දේශනා කොට දානාදී පුණ්‍ය කර්ම පවත්වා වෛජයන්ත රථයට නැග
දිව්‍ය ලෝකයට ගොස් දෙවියන්ට දම් දෙසා අපර කාලයෙහි හිස
නර කෙසක් දැක පුතුහට රජ දී මුව දෙව් උයන්හි වැඩහිඳ පැවිදි
ව ධ්‍යාන වඩා ආයු කෙළවර බඹ ගියේ ය.
2. කලාරජනක රජුගේ පුත්‍රයා සමංකර නම් රජු විය. 3. සමංකර රජුගේ පුත්‍රයා අසෝක නම් රජු විය. මෙම රජවරු තිදෙනා ම බරණැස රාජ්‍යානුශාසනා කළහ. |
නිමි |
84 000 | අසෝක රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 84 00ක් රජ දරුවෝ බරණැස් නුවර රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා විහාසව නම් විය. | නිමි |
16 |
1. විහාසව රජුගේ පුත්‍රයා විජිතසේන නම් රජු විය.
2. විජිතසේන රජුගේ පුත්‍රයා ධම්මසේන නම් රජු විය. 3. ධම්මසේන රජුගේ පුත්‍රයා නාගසේන නම් රජු විය. 4. නාගසේන රජුගේ පුත්‍රයා සමථ නම් රජු විය. 5. සමථ රජුගේ පුත්‍රයා දිසම්පති නම් රජු විය. 6. දිසම්පති රජුගේ පුත්‍රයා රේණු නම් රජු විය. 7. රේණු රජුගේ පුත්‍රයා කුස නම් රජු විය. 8. කුස රජුගේ පුත්‍රයා
මහාකුස
නම් රජු විය.
මහාකුස රජු
ප්‍රභාවතී නම් අග්‍ර මහේෂිය, තමාගේ රූප මදයෙන් උද්දාම
ව කුස රජු ගරහා සාගල නුවරට ගිය කල්හි, කුසාවතී නම් රාජධානිය
හැර දමා කොකනඳ නම් වීණාව ගෙන සාගල නුවරට ගොස් ප්‍රභාවතියගේ
සිත් ගෙන සිය නුවරට ම පැමිණ ආයු ඇතිතාක වැස පරලොව ගියේ
ය.
9.
මහාකුස රජුගේ
පුත්‍රයා භරත නම් රජු විය.
මහාකුස රජු
ප්‍රභාවතී නම් අග්‍ර මහේෂිය, තමාගේ රූප මදයෙන් උද්දාම
ව කුස රජු ගරහා සාගල නුවරට ගිය කල්හි, කුසාවතී නම් රාජධානිය
හැර දමා කොකනඳ නම් වීණාව ගෙන සාගල නුවරට ගොස් ප්‍රභාවතියගේ
සිත් ගෙන සිය නුවරට ම පැමිණ ආයු ඇතිතාක වැස පරලොව ගියේ
ය.
10. භරත රජුගේ පුත්‍රයා දශරථ නම් රජු විය. 11. දශරථ රජුගේ පුත්‍රයා
රාම රජු
නම් රජු විය.
රාම රජු
12.
රාම රජුගේ
පුත්‍රයා විළාරත නම් රජු විය.
රාම රජු
13. විළාරත රජුගේ පුත්‍රයා චිත්තරංසි නම් රජු විය. 14. චිත්තරංසි රජුගේ පුත්‍රයා අම්බරංසි නම් රජු විය. 15. අම්බරංසි රජුගේ පුත්‍රයා සුජාත නම් රජු විය. 16. සුජාත රජුගේ පුත්‍රයා ඔක්කාක නම් රජු විය. මෙම රජවරු 16 දෙනම බරණැස රාජ්‍යානුශාසනා කළහ. |
විහාසව |
9 |
1. ඔක්කාක රජුගේ පුත්‍රයා ඔක්කාමුඛ නම් රජු විය.
2. ඔක්කාමුඛ රජුගේ පුත්‍රයා නිපුර නම් රජු විය. 3. නිපුර රජුගේ පුත්‍රයා චන්‍දිමන්තු නම් රජු විය. 4. චන්‍දිමන්තු රජුගේ පුත්‍රයා චන්‍ද්‍රමුඛ නම් රජු විය. 5. චන්‍ද්‍රමුඛ රජුගේ පුත්‍රයා සිවිසංජය නම් රජු විය. 6. සිවිසංජය රජුගේ පුත්‍රයා
වෙස්සන්තර මහා රජු
නම් රජු විය.
වෙස්සන්තර මහා රජු
7.
වෙස්සන්තර මහා රජුගේ
පුත්‍රයා ජාලී නම් රජු විය.
වෙස්සන්තර මහා රජු
8. ජාලී රජුගේ පුත්‍රයා සීහවාහන නම් රජු විය. 9. සීහවාහන රජුගේ පුත්‍රයා සීහස්සර නම් රජු විය. මෙම රජවරු 9 දෙනම කපිලවත්ථුවෙහි (කිඹුල්වත් නුවර) රාජ්‍යානුශාසනා කළහ. |
ඔක්කාක/ ශාක්‍ය |
82 000 |
සීහස්සර රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 82 000ක්
රජ දරුවෝ කිඹුල්වත් නුවර ම රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන්
අන්තිමයා ජයසේන නම් විය.(උත්තර විහාර වාසීන්ගේ මහාවංශයෙහි වනාහි, සීහස්සර රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 82 000ක් රජ දරුවෝ වූහ; ඔවුන් අතුරෙන් අන්තිමයා වූ භගුසක්ක නම් රජෙක් විය; ඔහුගේ ද දරු මුනුබුරු මී-මුනුබුරු වූ 82 000ක් රජ දරුවෝ වූහ; ඔවුන්ගෙන් අන්තිමයා වූයේ ජයසේන නම් රජු යයි කියන ලදි.) වංසත්‍ථප්පකාස්නී |
ඔක්කාක/ ශාක්‍ය |
2 |
1. ජයසේන රජුගේ පුත්‍රයා සීහහුනු නම් රජු විය.
2. සීහහුනු රජුගේ පුත්‍රයා ශුද්ධෝදන නම් රජු විය. 3. ශුද්ධෝදන රජුගේ පුත්‍රයා සිද්ධාර්ථ (බෝසතාණෝ) ය. 4. බෝසතාණන්ගේ පුත්‍රයා රාහුල කුමරු නම් විය. |
ඔක්කාක/ ශාක්‍ය |
3 34 568 | එකතුව |
බෝසතාණන්ගේ පියා ශුද්ධෝදන වූ අතර මව් මහා මායා නම් විය.
ශාක්‍යයන්ගේ උපත
ඔක්කාක පරපුරේ පළමු රජු ඔක්කාමුඛ නම් රජු ය.
ඔහුගේ පියා ඔක්කාක නම් විය. ඔහුට හත්‍ථා, චිත්තා,
ජන්තු, ජාලිනී, විසාකා යැයි මෙහෙසියන් පස් දෙනෙක්
වූහ. සියල්ලන්ට ම ජ්‍යේෂ්ඨ මෙහෙසියට ඔක්කාමුඛ, කරකණ්ඩ,
හත්‍ථිනික, සිනිපුර යැයි පුතුන් සිව් දෙනෙක්
ද පියා, සුප්පියා, නන්‍දා, විජිතා, විජිතසේනා
යැයි දූවරුන් පස් දෙනෙක් ද විය. මෙසේ දූපුතුන් නව දෙනෙක්
බිහි කොට ඈ මිය ගියේ ය. ඔක්කාක රජු පසුව දෙවන බිසවක්
ආවාහ කරගත්තේ ය. එම දෙවන බිසව පසුව ජන්තු නම්
පුතකු වැදුවා ය. රජු සතුටු ව ඕ හට වරයක් දිනි. ඇය තම
පුතුට රාජ්‍ය ඉල් වූ ය. රජු අකමැති විය. මෙහෙසිය යළි
යළිත් ඇවිටිලි කර රජු සිත් ගෙන කැමති කරවා ගත්තී ය.
රජු පුතුන් අමතා මේ බව දන්වා “මාගේ ඇවෑමෙන් පසු පැමිණ
රාජ්‍ය කරව් ” යැයි දන්වා පුතුන්ගේ මතු ආරක්‍ෂාව සඳහා
ඔවුන් වනයට පිටත් කර හැරියේ ය.
බොහෝ ජනයා ඔවුන් සමග ගියාහු ය. තුන් යොදුනක් පමණ සෙනග
ගෙන හිමවතට ගොස් නුවරක් ඉදි කිරීමට පෙදෙසක් සෙවීය.
එකල අප බෝසතාණෝ බමුණු මහ සල් කුලයක ඉපිද කපිල
නමින් ප්‍රකට ව ගිහිගෙයින් නික්ම ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන්
පැවිදි ව හිමවතෙහි පොකුණු තෙරක් අසල වන ළැහැබක පන්සලක්
කොට වාසය කරන්නාහ. මෙම ඍෂිවරයා භූමි ලක්‍ෂණ විද්‍යාව
දන්නේ ය. ඉහළින් අසූ රියන් පමණ ද පහළින් පොළොවේ අසූ
රියන් පමණ ද ගුණ දොස් දන්නාහුය. මේ පොළොවේ යම් විශිෂ්ට
අගතැන්පත් තැනක් වී ද හෙතෙම එහි තම පන්සල තැනීය.
නුවරක් ඉදිකිරීමට සුදුසු බිමක් සෙවූ කුමරුවන්ට කපිල
ඍෂි සම්මුඛ විය. සියළු විස්තර දැන තම පන්සල පිහිටන තැන
නුවරක් කිරීමට කුමරුවන්ට දන්වා සිටියේ ය. මෙම ස්ථානයේ
ඉදි වන නගරය දඹදිව අගනගරය වන බවත් මෙහි උපන් පුරුෂයන්
අන් අය මැඩලීමට සමත් බවත් ඍෂිවරයා දැන්වීය. සතුටට පත්
කුමරුවන් එහි නුවරක් කළහ. එය කපිල ඍෂි සිටි ස්ථානයේ
ඉදි කළ බැවින් කපිලවස්ථුව යැයි ප්‍රකට විය.
කුමරුවන්ගේ අනාගතය දෙස බැලූ ඇමතියෝ ඔවුන් ආවාහ විවාහ
කර දීමට කුමරුවන් හා සාකච්ඡා කළෝ ය තමන්ට සුදුසු කුලයක්
නොදැක තමාගේ කුලය අපිරිසිදු වේ යැයි බියෙන් කුලය රැක
ගැනීම සඳහා තම සහෝදරියන් සමග විවාහ විය. දෙටු සහෝදරියන්
මව් තනතුරේ තැබීය.
කාලයක් ගතවීමෙන් තම දරුවන් ගැන සොයා බැලූ ඔක්කාක රජු
තම පුතුන් ගැන අසා "සක්‍යා වත භො, පරම සක්‍යා වත භො"
යි උදන් ඇනී ය. එතැන් පටන් සුදොවුන් රජු තෙක් වූ සියළු
රජ දරුවෝ ශාක්‍ය නම් වූවාහු ය.
ඔක්කාක රජු පටන් රජවරු 9 දෙනෙක් රජ විය. ඒ හැමට පසුව
සීහස්සර නම් රජු රජ විය. සීහස්සර රජුගේ දරු මුනුබුරු
මී-මුනුබුරු වූ 82 000ක් රජ දරුවෝ කිඹුල්වත් නුවර ම
රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා ජයසේන නම්
විය. ජයසේන රජුගේ පුත්‍රයා සීහහුනු නම් විය. සීහහුනු
රජුගේ පුත්‍රයා ශුද්ධෝදන නම් විය.
මහාමායා දේවී කවර රජු දුවක් ද යත්? දෙව්දහ නුවර රජ කළ දේවදහ රජුගේ කාංචන නම් කුමරෙක් විය. හෙතෙම කපිල පුරෙහි රජ කළ ජයසේන රජුගේ දියණියක් වූ යසෝධරා කුමරිය අගබිසව කර ගත්තේ ය. ඔවුන්ට මායා නම් ප්‍රජාපතී ද නම් දුන් දෙන්නකු හා දණ්ඩපාණී නම් සුප්පබුද්‍ධ නම් පුතුන් දෙදෙනෙක් ද විය. මායා හා ප්‍රජාපතී යන දෙදෙන සුදොවුන් රජුට බිසෝවරු විය.
ශුද්ධෝදන රජුගේ පුත්‍රයා සිද්ධාර්ථ (බෝසතාණෝ) ය. බෝසතාණන්ගේ පුත්‍රයා රාහුල කුමරු නම් විය.
මහාමායා දේවී කවර රජු දුවක් ද යත්? දෙව්දහ නුවර රජ කළ දේවදහ රජුගේ කාංචන නම් කුමරෙක් විය. හෙතෙම කපිල පුරෙහි රජ කළ ජයසේන රජුගේ දියණියක් වූ යසෝධරා කුමරිය අගබිසව කර ගත්තේ ය. ඔවුන්ට මායා නම් ප්‍රජාපතී ද නම් දුන් දෙන්නකු හා දණ්ඩපාණී නම් සුප්පබුද්‍ධ නම් පුතුන් දෙදෙනෙක් ද විය. මායා හා ප්‍රජාපතී යන දෙදෙන සුදොවුන් රජුට බිසෝවරු විය.
ශුද්ධෝදන රජුගේ පුත්‍රයා සිද්ධාර්ථ (බෝසතාණෝ) ය. බෝසතාණන්ගේ පුත්‍රයා රාහුල කුමරු නම් විය.
ආශ්‍රිත ග්‍රන්ථ
- වංසත්‍ථප්පකාසිනී මහාවංශ ටීකාව
- සිංහල බෝධි වංශය
- මහාබෝධිවංශ ග්‍රන්‍ථිපද විවරණය
- සිංහල මහාවංශය
- සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාව
- මනෝරථ පූර්ණී අංගුත්තරනිකාය අටුවාව
- සුත්තනිපාත අටුවාව
- ධම්මපදට්ඨකථාව
- ධර්මප්‍රදීපිකාව
- බුද්ධ චරිතය (බලන්ගොඩ ආනන්‍ද මෛත්‍රිය මහ නාහිමි)