Thursday, December 10, 2015

මහා සම්මත පරපුර

ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුත ව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. ඔවුහු රස පොළොව අනුභව කරමින් ජීවත් වෙති. මේ හේතුවෙන් ඔවුන්ගේ ආයුෂය, වර්ණය, සැපය, බලය හා ප්‍රඥාදිය පිරිහෙන්නේ ය. අකුසලය බෝවන්නේ ය. සමාජයේ යහපත පිණිස සත්වයෝ ඔවුන් අතුරෙන් ඉතා උතුම් රූප ඇති, ඉතා මහත් ආනුභාව ඇති, දක්‍ෂ ගැරහියයුතු කාරණය ගරහන පැසසිය යුතු කාරණය පසසන සුදුස්සෙකු තෝරා ඔහු ප්‍රධාන තනතුරේ තබන්නේ ය. ඔහුට වැටුප් ලෙස මිනිසුන්ගේ අල් වී වලින් කොටසක් ද දෙන්නේ ය. එසේ මහජනයා විසින් සම්මත කරන ලද්දේය යන අර්ථයෙන් ඔහු මහා සම්මත ලෙස හැඳින්වීය. ඔහු අසංඛ්‍යය වර්ෂ ආයුෂ විය. ඔහු ඇවෑමෙන් ඔහුගේ පුත්‍ර රෝජ රජ විය.
රජවරු
ගණන
විස්තරය පෙළපත
28 1.
මහා සම්මත (මනු) රජු
මහා සම්මත (මනු) රජු

සූර්‍ය්‍ය පුත්‍ර වූ මනු තෙමේ මහජනයන් විසින් සම්මත වන බැවින් මහා සම්මත නම් ව මුළු දඹදිවට ඒක රජ විය. ඔහු විසින් වංශය අභිසම්මත විය. ඔහුගේ මුවෙන් මානෙල් සුවඳ වෑහෙයි. ඇඟින් විදුලිය දහරක් සෙයින් රශ්මි නික්මෙයි. ආකාශයෙහි බද්ධපර්යංකයෙන් හිඳියි. සකල ලෝකයා පුත්‍ර ස්ථානයෙහි පරිපාලනය කොට අසංඛ්‍යයක් අවුරුදු රජ කළේ ය.

2. රෝජ රජු
3. වරරෝජ රජු
4. කල්‍යාණ රජු
5. වරකල්‍යාණ රජු
6. උපෝසථ රජු
7.
මන්ධාතු රජු
මන්ධාතු රජු

කාමභෝගීන්ට අග්‍ර රජු ලෙස සැලකේ.

8. චර රජු
9. උපචර රජු
10.
චේතිය රජු
චේතිය රජු


11. මුචල රජු
12. මහා මුචල රජු
13. මුචලින්ද රජු
14. සාගර රජු
15. සාගර දේව රජු
16. භරත රජු
17. භගීරථ රජු
18. රුචි රජු
19. සුරුවි රජු
20. ප්‍රතාප රජු
21. මහා ප්‍රතාප රජු
22. පනාද රජු
23.
මහා පනාද රජු
මහා පනාද රජු


24. සුදර්ශන රජු
25.
මහා සුදර්ශන රජු
මහා සුදර්ශන රජු

අප මහා බෝසතාණෝ මහා සුදර්ශන රජ ව රාජ්‍ය කළේ ය.

26. නේරු රජු
27. මහා නේරු රජු
28. අර්චිෂ්මත් (අච්චිම)
මෙම රජවරු 28 දෙනා පිළිවෙළින් කුසාවතී නුවර, රජගහ නුවර හා මියුලු නුවර යන මේ තුන් නුවරවල්හි රාජ්‍ය කළහ. මොවුන් සියල්ලෝ ම වර්ෂ අසංඛ්‍ය බැගින් ආයුෂ විය.
(උත්තර විහාරවාසීන්ගේ අටුවාවෙහි වනාහි, උපචරක රජුගේ පුත් චේතිය රජු බැහැර කොට, උපචරක රජුගේ පුත් මුචල තෙමේ රජ වී ය කියා අසංඛ්‍යායුෂ්ක වූ සත්විසි (27) රජ කෙනෙක් දක්වනු ලැබෙති.)
වංසත්‍ථප්පකාස්නී
මහා සම්මත
100 මෙම පරම්පරාවේ අන්තිම රජු වන අර්චිෂ්මත්ගේ පුතුට අප්‍රකට නමක් විය. හෙතෙම මියුලු නුවරින් නික්ම කුසාවතියට ගොස් රජ විය. ඔහුගේ ඇවෑමෙන් දරු මුනුබුරු මී-මුනුබුරන් 99 දෙනෙක් රාජ්‍ය අනුශාසනා කළහ. මෙම පරපුරේ අන්තිමයා අරින්‍දම නම් රජු විය. මෙම රජ පරපුර අර්චිෂ්මත් පරපුර ලෙස හැඳින්විය. අර්චිෂ්මත්
56 අරින්‍දම රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 56ක් රජ දරුවෝ අයෝධ්‍යා නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා දුස්සහ නම් විය. අරින්‍දම
60 දුස්සහ රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 60ක් රජ දරුවෝ බරණැස් නුවර රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා අජිත ජින නම් විය. දුස්සහ
84 000 අජිත ජින රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 84 000ක් රජ දරුවෝ කපිල නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා බ්‍රහ්මදත්ත නම් විය. අජිත ජින
36 බ්‍රහ්මදත්ත රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 36ක් රජ දරුවෝ හස්තිපුර නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා කම්බලවසන නම් විය. බ්‍රහ්මදත්ත
32 කම්බලවසන රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 32ක් රජ දරුවෝ ඒකචක්ඛු නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා මුනින්‍දදේව නම් විය. කම්බලවසන
28 මුනින්‍දදේව රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 28ක් රජ දරුවෝ වජිරවුත්ති නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා සාධික නම් විය. මුනින්‍දදේව
22 සාධික රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 22ක් රජ දරුවෝ මධුර නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා ධම්මගුත්ත නම් විය. සාධික
18 ධම්මගුත්ත රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 18ක් රජ දරුවෝ අරිට්ඨපුර නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා සිවි නම් විය. ධම්මගුත්ත
17 සිවි රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 17ක් රජ දරුවෝ ඉන්‍ද්‍රප්‍රස්ත නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා බ්‍රහ්මදේව නම් විය. සිවි
15 බ්‍රහ්මදේව රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 15ක් රජ දරුවෝ ඒකචක්ඛු නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා බලදත්ත නම් විය. බ්‍රහ්මදේව
14 බලදත්ත රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 14ක් රජ දරුවෝ කෝසම්බි නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා හස්තිදේව නම් විය. බලදත්ත
9 හස්තිදේව රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 9ක් රජ දරුවෝ කණ්ණගොච්ඡ නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා නගරදේව නම් විය. හස්තිදේව
7 නගරදේව රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 7ක් රජ දරුවෝ රෝජ නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා මහින්‍ද නම් විය. නගරදේව
12 මහින්‍ද රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 12ක් රජ දරුවෝ චම්පා නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා නාගදේව නම් විය. මහින්‍ද
25 නාගදේව රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 25ක් රජ දරුවෝ මිථිලා නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා සමුද්දදත්ත නම් විය. නාගදේව
25 සමුද්දදත්ත රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 25ක් රජ දරුවෝ රජගහ නුවර රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා දිවංකර නම් විය. සමුද්දදත්ත
12 දිවංකර රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 12ක් රජ දරුවෝ තක්සලා නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා තාලිස්සර නම් විය. දිවංකර
12 තාලිස්සර රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 12ක් රජ දරුවෝ කුසිනාරා නුවර රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා සුදින්න නම් විය. තාලිස්සර
9 සුදින්න රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 9ක් රජ දරුවෝ තාම්‍රලිප්ති නම් නගරයෙහි රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා සාගරදේව නම් විය. සුදින්න
1 සාගරදේව රජුගේ පුත්‍රයා
මඛාදේව
මඛාදේව රජු

මඛාදේව රජ සුවාසු දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කොට සුවාසු දහසක් අවුරුදු සකල ජම්බුද්වීපයෙහි චක්‍ර වර්තී ලීලාවෙන් ඓශ්චර්‍ය්‍ය කොට, හිස නර කෙසක් දුටු කල දෙටු පුතුට රජ කම දී, අඹ උයන්හි පැවිදි ව, සුවාසු දහසක් අවුරුදු තපස් රැක ආයු කෙලවර බඹ ලොව ගියේ ය.
නම් විය. හෙතෙම මියුලු නුවර රාජ්‍යානුශාසනා කළහ.
 
84 000
මඛාදේව රජු
මඛාදේව රජු

මඛාදේව රජ සුවාසු දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා කොට සුවාසු දහසක් අවුරුදු සකල ජම්බුද්වීපයෙහි චක්‍ර වර්තී ලීලාවෙන් ඓශ්චර්‍ය්‍ය කොට, හිස නර කෙසක් දුටු කල දෙටු පුතුට රජ කම දී, අඹ උයන්හි පැවිදි ව, සුවාසු දහසක් අවුරුදු තපස් රැක ආයු කෙලවර බඹ ලොව ගියේ ය.
ගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 84 000ක් රජ දරුවෝ මියුලු නුවර රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා
නිමි
නිමි රජු

මඛාදේව නම් මහරජ බ්‍රහ්ම ලෝකයෙහි වසන්නේ තමාගේ වංශය බලනුයේ දෙදෙනකුට අඩු සුවාසු දහසක් රජුන් පැවිදි ව බඹලොව ගිය වුන් දැක සතුටු ව මේ ක්‍රමයෙන් මත්තේ පවතින්නේ දැයි බලනුයේ නොපවත්නා බව දැන මාගේ වංශය මා ම පරිපාලනය කළ මැනව යි බ්‍රහ්ම ලෝකයෙන් චුත ව මියලු පුරයෙහි නිමි නම් රජ දරුව ඉපිද වැඩිවියට පැමිණ පිය රජහු හිස නර කෙසක් දැක පුතුහට රජ දී මුවදෙව් උයනේ පැවිදි ව බඹලෝ ගිය කල්හි පස් දන් හලක් කරවා දවසකට පස් ලක්ෂයක් ධනය වියදම් කොට මහ දන් දී පන්සිල් රැක පෙහෙවස් සමාදන් ව මහජනයාහට ධර්ම දේශනා කොට දානාදී පුණ්‍ය කර්ම පවත්වා වෛජයන්ත රථයට නැග දිව්‍ය ලෝකයට ගොස් දෙවියන්ට දම් දෙසා අපර කාලයෙහි හිස නර කෙසක් දැක පුතුහට රජ දී මුව දෙව් උයන්හි වැඩහිඳ පැවිදි ව ධ්‍යාන වඩා ආයු කෙළවර බඹ ගියේ ය.
  • අප මහා බෝසතාණෝ නිමි රජ ව රාජ්‍ය කළේ ය.
  • වැඩි වවැඩි විස්තර නිමි ජාතකයෙන් දත යුතු ය.
නම් විය.
මඛාදේව
3 1.
නිමි රජුගේ
නිමි රජු

මඛාදේව නම් මහරජ බ්‍රහ්ම ලෝකයෙහි වසන්නේ තමාගේ වංශය බලනුයේ දෙදෙනකුට අඩු සුවාසු දහසක් රජුන් පැවිදි ව බඹලොව ගිය වුන් දැක සතුටු ව මේ ක්‍රමයෙන් මත්තේ පවතින්නේ දැයි බලනුයේ නොපවත්නා බව දැන මාගේ වංශය මා ම පරිපාලනය කළ මැනව යි බ්‍රහ්ම ලෝකයෙන් චුත ව මියලු පුරයෙහි නිමි නම් රජ දරුව ඉපිද වැඩිවියට පැමිණ පිය රජහු හිස නර කෙසක් දැක පුතුහට රජ දී මුවදෙව් උයනේ පැවිදි ව බඹලෝ ගිය කල්හි පස් දන් හලක් කරවා දවසකට පස් ලක්ෂයක් ධනය වියදම් කොට මහ දන් දී පන්සිල් රැක පෙහෙවස් සමාදන් ව මහජනයාහට ධර්ම දේශනා කොට දානාදී පුණ්‍ය කර්ම පවත්වා වෛජයන්ත රථයට නැග දිව්‍ය ලෝකයට ගොස් දෙවියන්ට දම් දෙසා අපර කාලයෙහි හිස නර කෙසක් දැක පුතුහට රජ දී මුව දෙව් උයන්හි වැඩහිඳ පැවිදි ව ධ්‍යාන වඩා ආයු කෙළවර බඹ ගියේ ය.
  • අප මහා බෝසතාණෝ නිමි රජ ව රාජ්‍ය කළේ ය.
  • වැඩි වවැඩි විස්තර නිමි ජාතකයෙන් දත යුතු ය.
පුත්‍රයා කලාරජනක නම් රජු විය.
2. කලාරජනක රජුගේ පුත්‍රයා සමංකර නම් රජු විය.
3. සමංකර රජුගේ පුත්‍රයා අසෝක නම් රජු විය.
මෙම රජවරු තිදෙනා ම බරණැස රාජ්‍යානුශාසනා කළහ.
නිමි
84 000 අසෝක රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 84 00ක් රජ දරුවෝ බරණැස් නුවර රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා විහාසව නම් විය. නිමි
16 1. විහාසව රජුගේ පුත්‍රයා විජිතසේන නම් රජු විය.
2. විජිතසේන රජුගේ පුත්‍රයා ධම්මසේන නම් රජු විය.
3. ධම්මසේන රජුගේ පුත්‍රයා නාගසේන නම් රජු විය.
4. නාගසේන රජුගේ පුත්‍රයා සමථ නම් රජු විය.
5. සමථ රජුගේ පුත්‍රයා දිසම්පති නම් රජු විය.
6. දිසම්පති රජුගේ පුත්‍රයා රේණු නම් රජු විය.
7. රේණු රජුගේ පුත්‍රයා කුස නම් රජු විය.
8. කුස රජුගේ පුත්‍රයා
මහාකුස
මහාකුස රජු

ප්‍රභාවතී නම් අග්‍ර මහේෂිය, තමාගේ රූප මදයෙන් උද්දාම ව කුස රජු ගරහා සාගල නුවරට ගිය කල්හි, කුසාවතී නම් රාජධානිය හැර දමා කොකනඳ නම් වීණාව ගෙන සාගල නුවරට ගොස් ප්‍රභාවතියගේ සිත් ගෙන සිය නුවරට ම පැමිණ ආයු ඇතිතාක වැස පරලොව ගියේ ය.
  • අප මහා බෝසතාණෝ කුස රජ ව රාජ්‍ය කළේ ය.
  • වැඩි වවැඩි විස්තර කුස ජාතකයෙන් දත යුතු ය.
නම් රජු විය.
9.
මහාකුස රජුගේ
මහාකුස රජු

ප්‍රභාවතී නම් අග්‍ර මහේෂිය, තමාගේ රූප මදයෙන් උද්දාම ව කුස රජු ගරහා සාගල නුවරට ගිය කල්හි, කුසාවතී නම් රාජධානිය හැර දමා කොකනඳ නම් වීණාව ගෙන සාගල නුවරට ගොස් ප්‍රභාවතියගේ සිත් ගෙන සිය නුවරට ම පැමිණ ආයු ඇතිතාක වැස පරලොව ගියේ ය.
  • අප මහා බෝසතාණෝ කුස රජ ව රාජ්‍ය කළේ ය.
  • වැඩි වවැඩි විස්තර කුස ජාතකයෙන් දත යුතු ය.
පුත්‍රයා භරත නම් රජු විය.
10. භරත රජුගේ පුත්‍රයා දශරථ නම් රජු විය.
11. දශරථ රජුගේ පුත්‍රයා
රාම රජු
රාම රජු

  • අප මහා බෝසතාණෝ කුස රජ ව රාජ්‍ය කළේ ය.
  • වැඩි විස්තර දසරථ ජාතකයෙන් දත යුතු ය.
නම් රජු විය.
12.
රාම රජුගේ
රාම රජු

  • අප මහා බෝසතාණෝ කුස රජ ව රාජ්‍ය කළේ ය.
  • වැඩි විස්තර දසරථ ජාතකයෙන් දත යුතු ය.
පුත්‍රයා විළාරත නම් රජු විය.
13. විළාරත රජුගේ පුත්‍රයා චිත්තරංසි නම් රජු විය.
14. චිත්තරංසි රජුගේ පුත්‍රයා අම්බරංසි නම් රජු විය.
15. අම්බරංසි රජුගේ පුත්‍රයා සුජාත නම් රජු විය.
16. සුජාත රජුගේ පුත්‍රයා ඔක්කාක නම් රජු විය.
මෙම රජවරු 16 දෙනම බරණැස රාජ්‍යානුශාසනා කළහ.
විහාසව
9 1. ඔක්කාක රජුගේ පුත්‍රයා ඔක්කාමුඛ නම් රජු විය.
2. ඔක්කාමුඛ රජුගේ පුත්‍රයා නිපුර නම් රජු විය.
3. නිපුර රජුගේ පුත්‍රයා චන්‍දිමන්තු නම් රජු විය.
4. චන්‍දිමන්තු රජුගේ පුත්‍රයා චන්‍ද්‍රමුඛ නම් රජු විය.
5. චන්‍ද්‍රමුඛ රජුගේ පුත්‍රයා සිවිසංජය නම් රජු විය.
6. සිවිසංජය රජුගේ පුත්‍රයා
වෙස්සන්තර මහා රජු
වෙස්සන්තර මහා රජු

නම් රජු විය.
7.
වෙස්සන්තර මහා රජුගේ
වෙස්සන්තර මහා රජු

පුත්‍රයා ජාලී නම් රජු විය.
8. ජාලී රජුගේ පුත්‍රයා සීහවාහන නම් රජු විය.
9. සීහවාහන රජුගේ පුත්‍රයා සීහස්සර නම් රජු විය.
මෙම රජවරු 9 දෙනම කපිලවත්ථුවෙහි (කිඹුල්වත් නුවර) රාජ්‍යානුශාසනා කළහ.
ඔක්කාක/
ශාක්‍ය
82 000 සීහස්සර රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 82 000ක් රජ දරුවෝ කිඹුල්වත් නුවර ම රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා ජයසේන නම් විය.
(උත්තර විහාර වාසීන්ගේ මහාවංශයෙහි වනාහි, සීහස්සර රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 82 000ක් රජ දරුවෝ වූහ; ඔවුන් අතුරෙන් අන්තිමයා වූ භගුසක්ක නම් රජෙක් විය; ඔහුගේ ද දරු මුනුබුරු මී-මුනුබුරු වූ 82 000ක් රජ දරුවෝ වූහ; ඔවුන්ගෙන් අන්තිමයා වූයේ ජයසේන නම් රජු යයි කියන ලදි.)
වංසත්‍ථප්පකාස්නී
ඔක්කාක/
ශාක්‍ය
2 1. ජයසේන රජුගේ පුත්‍රයා සීහහුනු නම් රජු විය.
2. සීහහුනු රජුගේ පුත්‍රයා ශුද්ධෝදන නම් රජු විය.
3. ශුද්ධෝදන රජුගේ පුත්‍රයා සිද්ධාර්ථ (බෝසතාණෝ) ය.
4. බෝසතාණන්ගේ පුත්‍රයා රාහුල කුමරු නම් විය.
ඔක්කාක/
ශාක්‍ය
3 34 568 එකතුව  
බෝසතාණන්ගේ පියා ශුද්ධෝදන වූ අතර මව් මහා මායා නම් විය.
ශාක්‍යයන්ගේ උපත
ඔක්කාක පරපුරේ පළමු රජු ඔක්කාමුඛ නම් රජු ය. ඔහුගේ පියා ඔක්කාක නම් විය. ඔහුට හත්‍ථා, චිත්තා, ජන්තු, ජාලිනී, විසාකා යැයි මෙහෙසියන් පස් දෙනෙක් වූහ. සියල්ලන්ට ම ජ්‍යේෂ්ඨ මෙහෙසියට ඔක්කාමුඛ, කරකණ්ඩ, හත්‍ථිනික, සිනිපුර යැයි පුතුන් සිව් දෙනෙක් ද පියා, සුප්පියා, නන්‍දා, විජිතා, විජිතසේනා යැයි දූවරුන් පස් දෙනෙක් ද විය. මෙසේ දූපුතුන් නව දෙනෙක් බිහි කොට ඈ මිය ගියේ ය. ඔක්කාක රජු පසුව දෙවන බිසවක් ආවාහ කරගත්තේ ය. එම දෙවන බිසව පසුව ජන්තු නම් පුතකු වැදුවා ය. රජු සතුටු ව ඕ හට වරයක් දිනි. ඇය තම පුතුට රාජ්‍ය ඉල් වූ ය. රජු අකමැති විය. මෙහෙසිය යළි යළිත් ඇවිටිලි කර රජු සිත් ගෙන කැමති කරවා ගත්තී ය. රජු පුතුන් අමතා මේ බව දන්වා “මාගේ ඇවෑමෙන් පසු පැමිණ රාජ්‍ය කරව් ” යැයි දන්වා පුතුන්ගේ මතු ආරක්‍ෂාව සඳහා ඔවුන් වනයට පිටත් කර හැරියේ ය.
බොහෝ ජනයා ඔවුන් සමග ගියාහු ය. තුන් යොදුනක් පමණ සෙනග ගෙන හිමවතට ගොස් නුවරක් ඉදි කිරීමට පෙදෙසක් සෙවීය.
එකල අප බෝසතාණෝ බමුණු මහ සල් කුලයක ඉපිද කපිල නමින් ප්‍රකට ව ගිහිගෙයින් නික්ම ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි ව හිමවතෙහි පොකුණු තෙරක් අසල වන ළැහැබක පන්සලක් කොට වාසය කරන්නාහ. මෙම ඍෂිවරයා භූමි ලක්‍ෂණ විද්‍යාව දන්නේ ය. ඉහළින් අසූ රියන් පමණ ද පහළින් පොළොවේ අසූ රියන් පමණ ද ගුණ දොස් දන්නාහුය. මේ පොළොවේ යම් විශිෂ්ට අගතැන්පත් තැනක් වී ද හෙතෙම එහි තම පන්සල තැනීය.
නුවරක් ඉදිකිරීමට සුදුසු බිමක් සෙවූ කුමරුවන්ට කපිල ඍෂි සම්මුඛ විය. සියළු විස්තර දැන තම පන්සල පිහිටන තැන නුවරක් කිරීමට කුමරුවන්ට දන්වා සිටියේ ය. මෙම ස්ථානයේ ඉදි වන නගරය දඹදිව අගනගරය වන බවත් මෙහි උපන් පුරුෂයන් අන් අය මැඩලීමට සමත් බවත් ඍෂිවරයා දැන්වීය. සතුටට පත් කුමරුවන් එහි නුවරක් කළහ. එය කපිල ඍෂි සිටි ස්ථානයේ ඉදි කළ බැවින් කපිලවස්ථුව යැයි ප්‍රකට විය.
කුමරුවන්ගේ අනාගතය දෙස බැලූ ඇමතියෝ ඔවුන් ආවාහ විවාහ කර දීමට කුමරුවන් හා සාකච්ඡා කළෝ ය තමන්ට සුදුසු කුලයක් නොදැක තමාගේ කුලය අපිරිසිදු වේ යැයි බියෙන් කුලය රැක ගැනීම සඳහා තම සහෝදරියන් සමග විවාහ විය. දෙටු සහෝදරියන් මව් තනතුරේ තැබීය.
කාලයක් ගතවීමෙන් තම දරුවන් ගැන සොයා බැලූ ඔක්කාක රජු තම පුතුන් ගැන අසා "සක්‍යා වත භො, පරම සක්‍යා වත භො" යි උදන් ඇනී ය. එතැන් පටන් සුදොවුන් රජු තෙක් වූ සියළු රජ දරුවෝ ශාක්‍ය නම් වූවාහු ය.
ඔක්කාක රජු පටන් රජවරු 9 දෙනෙක් රජ විය. ඒ හැමට පසුව සීහස්සර නම් රජු රජ විය. සීහස්සර රජුගේ දරු මුනුබුරු මී-මුනුබුරු වූ 82 000ක් රජ දරුවෝ කිඹුල්වත් නුවර ම රාජ්‍යානුශාසනා කළහ. ඒ රජුන්ගෙන් අන්තිමයා ජයසේන නම් විය. ජයසේන රජුගේ පුත්‍රයා සීහහුනු නම් විය. සීහහුනු රජුගේ පුත්‍රයා ශුද්ධෝදන නම් විය.
මහාමායා දේවී කවර රජු දුවක් ද යත්? දෙව්දහ නුවර රජ කළ දේවදහ රජුගේ කාංචන නම් කුමරෙක් විය. හෙතෙම කපිල පුරෙහි රජ කළ ජයසේන රජුගේ දියණියක් වූ යසෝධරා කුමරිය අගබිසව කර ගත්තේ ය. ඔවුන්ට මායා නම් ප්‍රජාපතී ද නම් දුන් දෙන්නකු හා දණ්ඩපාණී නම් සුප්පබුද්‍ධ නම් පුතුන් දෙදෙනෙක් ද විය. මායා හා ප්‍රජාපතී යන දෙදෙන සුදොවුන් රජුට බිසෝවරු විය.
ශුද්ධෝදන රජුගේ පුත්‍රයා සිද්ධාර්ථ (බෝසතාණෝ) ය. බෝසතාණන්ගේ පුත්‍රයා රාහුල කුමරු නම් විය.


ආශ්‍රිත ග්‍රන්ථ
  • වංසත්‍ථප්පකාසිනී මහාවංශ ටීකාව
  • සිංහල බෝධි වංශය
  • මහාබෝධිවංශ ග්‍රන්‍ථිපද විවරණය
  • සිංහල මහාවංශය
  • සුමංගල විලාසිනී දීඝනිකාය අටුවාව
  • මනෝරථ පූර්ණී අංගුත්තරනිකාය අටුවාව
  • සුත්තනිපාත අටුවාව
  • ධම්මපදට්ඨකථාව
  • ධර්මප්‍රදීපිකාව
  • බුද්ධ චරිතය (බලන්ගොඩ ආනන්‍ද මෛත්‍රිය මහ නාහිමි)

Saturday, December 05, 2015

අසංඛ්‍යය

ප්‍රමාණාතික්‍රාන්ත අනන්ත දෑ දැක්වීමේ දී පෞරාණිකයෝ නොයෙක් මිනුම්දඬු භාවිත කළහ. ඒවා ඉතා නිරවුල් හා නිවැරදි මිනුම් විය. වර්තමානයේ ලෝකයා විසින් නොයෙක් රාශීන් දැක්වීමේ දී සම්මත ඒකක භාවිතා කරයි. උදාහරණයක් ලෙස දිග මැනීම සඳහා “මීටර්” (meter) නැමති ඒකකය භාවිත කරයි. මීටර් යනු ප්‍රධාන ඒකකයකි. මීටරයකට වඩා කුඩා හෝ විශාල මිනුම් දැක්වීමේ දී උප ඒකක ආදිය භාවිත වේ. එනම් මිලි, සෙන්ටි, කිලෝ, … ආදියයි. අද අප භාවිතා කරන මෙම ඒකක ක්‍රමය අපේ මුතුන් මිත්තෝ ද දැන සිටියහ. ඔවුන් ද උප ඒකක භාවිතා කර ඇත.
101 එකයි බින්දුව දහය (ඩෙකා)
102 එකයි බින්දු දෙක සියය (හෙක්ටො)
103 එකයි බින්දු තුන දහස (කිලෝ)
106 එකයි බින්දු හය මිලියනය (මෙගා)
109 එකයි බින්දු නවය බිලියනය (ගිගා)
1012 එකයි බින්දු 12 ට්‍රිලියනය (ටෙරා)
1015 එකයි බින්දු 15 ක්වාඩ්‍රිලියනය (පෙටා)
1018 එකයි බින්දු 18 ක්වින්ට්‍රිලියනය (එක්සා)
10100 එකයි බින්දු 100 ගූගෝලය

"මේ ප්‍රමාණයෙන් සංඛ්‍යාවක් යමකට නැත්තේ ද" ඒ අසංඛ්‍යය නම් වේ. සංඛ්‍යාවකින් දැක්විය නොහැකි වූයේ අසංඛ්‍යය යයි. නමුත් මේ අසංඛ්‍යය සමහර විටෙක ප්‍රමාණය දැක්වීමට ද සමහර විටෙක ප්‍රමාණ කළ නොහැකි අප්‍රමාණයෙහි ද ව්‍යවහාර කෙරේ. ගණන් ගන්නා අසංඛ්‍ය ගණන් ගන්නා ක්‍රමය මෙසේ ය. 
101 එකයි බින්දුව දහය
102 එකයි බින්දු දෙක සියය
103 එකයි බින්දු තුන දහස
104 එකයි බින්දු හතර දසදහස
105 එකයි බින්දු පහ සියක්‌දහස (ලක්‍ෂය)
107 එකයි බින්දු හත කෝටිය (කෙළ/ දස මිලියනය)
1014 එකයි බින්දු 14 ප්‍රකෝටිය (සිය කෙළ ලක්‍ෂය)
1021 එකයි බින්දු 21 කෝටිප්‍රකෝටිය
1028 එකයි බින්දු 28 නහුතය
1035 එකයි බින්දු 35 නින්නහුතය
1042 එකයි බින්දු 42 අක්ඛොහිණිය (අක්‍ෂෞහිණිය)
1049 එකයි බින්දු 49 භින්‍දුවය
1056 එකයි බින්දු 56 අබ්බුදය
1063 එකයි බින්දු 63 නිරබ්බුදය
1070 එකයි බින්දු 70 අහහය
1077 එකයි බින්දු 77 අබබය
1084 එකයි බින්දු 84 අටටය
1091 එකයි බින්දු 91 සෝගන්‍ධිකය
1098 එකයි බින්දු 98 උප්පලය
10105 එකයි බින්දු 105 කුමුදය
10112 එකයි බින්දු 112 පුණ්ඩරිකය
10119 එකයි බින්දු 119 පදුමය
10126 එකයි බින්දු 126 කථානය
10133 එකයි බින්දු 133 මහාකථානය
10140 එකයි බින්දු 140 අසංඛ්‍යය
කච්චායනබ්‍යාකරණ
යනු බොහෝ ව්‍යවහාරයේ ඇති ක්‍රමයකි. තවත් ක්‍රමයක් මෙසේ ය.
101 එකයි බින්දුව දහය
102 එකයි බින්දු දෙක සියය
103 එකයි බින්දු තුන දහස
105 එකයි බින්දු පහ ලක්ෂය
107 එකයි බින්දු හත කෝටිය
1014 එකයි බින්දු 14 ප්‍රකෝටිය
1021 එකයි බින්දු 21 කෝටිප්‍රකෝටිය
1028 එකයි බින්දු 28 නහුතය
1035 එකයි බින්දු 35 නින්නහුතය
1042 එකයි බින්දු 42 හුත නහුතය
1049 එකයි බින්දු 49 කම්භය
1056 එකයි බින්දු 56 විස්කම්භය
1063 එකයි බින්දු 63 අහහය
1070 එකයි බින්දු 70 අබබය
1077 එකයි බින්දු 77 අටටය
1084 එකයි බින්දු 84 සොගන්ධිකය
1091 එකයි බින්දු 91 උප්පලය
1098 එකයි බින්දු 98 කුමුදය
10105 එකයි බින්දු 105 පුණ්ඩරීකය
10112 එකයි බින්දු 112 පදුමය
10119 එකයි බින්දු 119 කථානය
10126 එකයි බින්දු 126 මහා කථානය
10133 එකයි බින්දු 133 අසංඛ්‍යය
පූජාවලිය
තවත් ක්‍රමයක් මෙසේ ය.
101 එකයි බින්දුව දහය
102 එකයි බින්දු දෙක සියය
103 එකයි බින්දු තුන දහස
105 එකයි බින්දු පහ ලක්ෂය
107 එකයි බින්දු හත කෝටිය
1012 එකයි බින්දු 12 ප්‍රකෝටිය
1017 එකයි බින්දු 17 කෝටිප්‍රකෝටිය
1022 එකයි බින්දු 22 නහුතය
1027 එකයි බින්දු 27 නින්නහුතය
1032 එකයි බින්දු 32 හුත නහුතය
1037 එකයි බින්දු 37 කම්භය
1042 එකයි බින්දු 42 විස්කම්භය
1047 එකයි බින්දු 47 අබබය
1052 එකයි බින්දු 52 අටටය
1057 එකයි බින්දු 57 අහහය
1062 එකයි බින්දු 62 කුමුදය
1067 එකයි බින්දු 67 සොගන්ධිකය
1072 එකයි බින්දු 72 උප්පලය
1077 එකයි බින්දු 77 පුණ්ඩරීකය
1082 එකයි බින්දු 82 පදුමය
1087 එකයි බින්දු 87 මහා කථානය
1092 එකයි බින්දු 92 අසංඛ්‍යය
ධර්‍මප්‍රදීපිකාව
තවත් ක්‍රමයක් මෙසේ ය.
101 එකයි බින්දුව දහය
102 එකයි බින්දු දෙක සියය
103 එකයි බින්දු තුන දහස
105 එකයි බින්දු පහ ලක්ෂය
107 එකයි බින්දු හත කෝටිය
1014 එකයි බින්දු 14 ප්‍රකෝටිය
1021 එකයි බින්දු 21 කෝටිප්‍රකෝටිය
1028 එකයි බින්දු 28 නහුතය
1035 එකයි බින්දු 35 නින්නහුතය
1042 එකයි බින්දු 42 හුත නහුතය
1049 එකයි බින්දු 49 කම්භය
1056 එකයි බින්දු 56 විස්කම්භය
1063 එකයි බින්දු 63 අක්ඛොහිණිය (අක්‍ෂෞහිණිය)
1070 එකයි බින්දු 70 බින්‍දුවය
1077 එකයි බින්දු 77 අබ්බුදය
1084 එකයි බින්දු 84 නිරබ්බුදය
1091 එකයි බින්දු 91 අබබය
1098 එකයි බින්දු 98 අටටය
10105 එකයි බින්දු 105 අහහය
10112 එකයි බින්දු 112 කුමුදය
10119 එකයි බින්දු 119 සෝගන්‍ධිකය
10126 එකයි බින්දු 126 උප්පලය
10133 එකයි බින්දු 133 පුණ්ඩරිකය
10140 එකයි බින්දු 140 පදුමය
10147 එකයි බින්දු 147 කථානය
10154 එකයි බින්දු 154 මහාකථානය
10161 එකයි බින්දු 161 අසංඛ්‍යය
සද්ධර්මාලංකාරය
තවත් ක්‍රමයක් මෙසේ ය.
101 එකයි බින්දුව දහය
102 එකයි බින්දු දෙක සියය
103 එකයි බින්දු තුන දහස
105 එකයි බින්දු පහ ලක්ෂය
107 එකයි බින්දු හත කෝටිය
1014 එකයි බින්දු 14 ප්‍රකෝටිය
1021 එකයි බින්දු 21 කෝටිප්‍රකෝටිය
1028 එකයි බින්දු 28 නහුතය
1035 එකයි බින්දු 35 නින්නහුතය
1042 එකයි බින්දු 42 හුත නහුතය
1049 එකයි බින්දු 49 කම්භය
1056 එකයි බින්දු 56 විස්කම්භය
1063 එකයි බින්දු 63 අබබය
1070 එකයි බින්දු 70 අටටය
1077 එකයි බින්දු 77 අහහය
1084 එකයි බින්දු 84 කුමුදය
1091 එකයි බින්දු 91 සෝගන්‍ධිකය
1098 එකයි බින්දු 98 උප්පලය
10105 එකයි බින්දු 105 පුණ්ඩරිකය
10112 එකයි බින්දු 112 පදුමය
10119 එකයි බින්දු 119 කථානය
10126 එකයි බින්දු 126 මහාකථානය
10133 එකයි බින්දු 133 අසංඛ්‍යය
සද්ධර්මරතනාකරය

Friday, November 27, 2015

දීපංකරාදී බුදුවරුන්ගෙන් ලත් විවරණ

මාතුපෝසක කුමාරයා
මෙම මහා භද්‍ර කල්පයට විසි අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පූර්වයෙහි දඹදිව ගන්ධාර පෙදෙසේ සිය මව රැක බලා ගනිමින් ජීවත් වූ එක් දිළිඳු තරුණයෙක් වනයේ දර කපා වෙහෙසට පත් ව, දිය කඳුරකින් පැන් බී, අසල නුග සෙවණේ සිට කල්පනා කරනුයේ “දැන් මා තරුණ හෙයින් දුක ඉවසිය හැක්කේය. වයසට ගිය කල, රෝගී වූ කල කෙසේ කළ හැකි ද? එහෙයින් මම ස්වර්ණ භූමියට ගොස් රුවන් සපයා ගෙනවිත් මවට උපස්ථාන කරමි” යි තීරණය කළේ ය. නැව් හිමි ගේ කරුණාව මත මව ද සමග නැව් නැග යමින් සිටියදී රුදුරු කුණාටුවකින් නැව ගිලෙන්නට විය. පිරිස මුහුද ගිලගනිද්දී මහා රළ අතර පිහිනන මොහුට මෑණියන් සිහිපත් විය. ඇය පාවෙන දඬු කඳක එල්ලී ගෙන සිටිනු දැක වහා සිය මව කර තබා ගත් තරුණයා පරතෙරක් නොපෙනෙන, ගොඩබිමක් නොපෙනෙන ගැඹුරු මහා සාගරයේ පීනන්නට වූයේ ය.
උපතින්ම සීලවන්ත වූ තරුණයා මව කර මත තබා පීනනුයේ වෙසක් පුණු පොහොය දිනක් වූ එදින අහස් දෙස බලා පුන් පොහොය දිනක් බැව් දැන සිල් ඉටා ගත්තේය.
රැයෙහි දැඩි ගනඳුර හා ශීතල ද දහවල් දැඩි හිරු රැසින් ද වෙළාගත් තරුණ තෙම සත් දිනක් සිත්පිත් නැති ජල කඳක් සමග පොර බදමින් පිහිනනුයේ සුද්ධාවාස වාසී අර්හන්ත බ්‍රහ්මයෙක් අවුරුදු ලක්‍ෂ ගණනකට පසු නිරෝධ සමවතින් නැගිට ලොව බලනුයේ බඹලෝ දෙව්ලෝ හිස් වූවා දැන මනුලොව බලනුයේ ඉතා දීර්‍ඝ කලකින් සම්මා සම්බුදුවරයෙක් පහලවී නැතිබව දැන කුමක් හෙයින් දැයි බලනුයේ බෝසත්වරයෝ පාරමි සපුරන බැව් දැක එතකුදු වුවත් මම ද සම්බුදු බව පිණිස කෙනෙකු යොමු කළ යුතු යැයි සිතා පුණ්‍යවන්තයකු පිරික්සනුයේ සත් දිනක් තෙරක් නොපෙනෙන මහ සයුරේ පිහිනන තරුණයා දැක “මෙවන් පුරුෂයන් තනිව නිවනට වැදීම නුසුදුසුය. ලෝකයා ද නිවන්පුර පමුණුවාලීමට මෙවැන්නන්ට හැර කාහට නම් හැකිවේදැ”යි මෙත්සිත් පතුරුවා ගොඩබිම සමීපකර සිටියේය.
මුහුදින් ගොඩවූ තරුණයාගේ හිස මෙත් කුලුණින් අතගෑ මෑණියෝ “ම පුත නුඹ මතු බුදු වෙම්වා”යි පැතූ පැතුමින් සම මස් නහර ඇට ඇටමිදුලු දක්වා කිඳාබසිනුයේ;
"බුඳ්‍ධොහං බොධයිස‍්සාමි, මුත්තොහං මෝචයේ පරෙ;
තිණ්ණොහං තාරයිස‍්සාමි, සංසරොඝා මහබ‍්භයා"
“මම බුදුව අනුනට ද සත්‍යය අවබෝධ කරවන්නෙමි. මම දුකින් මිදී අනුන් ද දුකින් මුදවන්නෙමි. මහත් බිය ගෙන දෙන සංසාර ඕඝයෙන් එතෙර වී අනුන් ද සසරෙන් එතෙර කරවන්නෙමි” යි අදිටන් කළහ.
බ්‍රහ්මදේව බුදුන් වහන්සේ
ඉන්පසු හෙතෙම මෙම මහාභද්‍රකල්පයට විසි අසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර නන්‍ද නම් අසංඛ්‍යයෙහි ලෝ පහළ වූ බ්‍රහ්මදේව නම් බුදුන් දවස කාරකණ්ටක නම් නුවර අතිදේව නම් රජව ඉපිද රජ සැප වළඳනා කල්හි බුදුන් දුටු කෙනෙහි හටගත් ප්‍රීතියෙන් මත්ව මතු මහල් තලයෙන් බිමට බැස සුව සේ බුදුන් වෙත එළඹ විසිතුරු මහ පියුම් තුනක් හා නොයෙක් රුවනින් පූජා සත්කාර කොට පසඟ පිහිටුවා වැඳ ලොව්තුරා බුදුවෙම්වයි සිතින් පතා එතැන් පටන් මනෝප්‍රණිධිය (සිතින් බුදුබව පැතීම) පිරීමෙන් සප්තාසංඛ්‍යය ඇතුළත ලොව පහළ වූ එක් ලක්‍ෂ පස්විසිදහසක් බුදුවරයන් දැක මනෝප්‍රණිධානය මස්තකප්‍රාප්ත කළසේක. (මෙහි දී බුදුබව සිතින් පතන්නා වූ බෝසත්වරයකු හට නියත විවරණ නොලැබේ. මන්ද යත් හෙතෙම බුදුවීමට ස්ථිර ව පිහිටි පුද්ගලයෙක් නොවන බැවිනි. උත්සාහවත් වුවහොත් බුද්ධත්වයට පත් විය හැකි බව බුදුන් වහන්සේ වදාරණ සේක. එය අනියත විවරණය ලෙස හැඳින් වේ.)
(* මෙම මහා භද්‍ර කල්පයේ සිට අසංඛ්‍ය ගණන දැක්වේ.)
අසංඛ්‍ය පිළිබඳ විස්තර මෙතැනින් බලන්න.
* අසංඛ්‍යයෙහි නම පහළ වූ
බුදුවරු ගණන
20. නන්‍ද 5 000
19. සුනන්‍ද 9 000
18. පෘථිවි 10 000
17. මණ්ඩ 11 000
16. ධරණි 20 000
15. සාගර 30 000
14. පුණ්ඩරික 40 000
එකතුව 1 25 000
ශ්‍රි සද්ධර්‍ම කෝෂය
පුරාණ ගෞතම බුදුන් වහන්සේ
ඉන් අනතුරුව මේ කල්පයට තෙළෙසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සර්‍වභද්‍ර නම් අසංඛ්‍යකල්පයෙහි ධඤ්ඤවතී නම් නුවර සාගරන නම් සක්විති රජව රත්සඳුන් හරින් ප්‍රාසාද ලක්‍ෂයක් කරවා පුරාණ ගෞතම නම් බුදුන්ට පිළිගන්වා "ස්වාමීනී මම ද නුඹ වහන්සේ මෙන් ශාක්‍ය රාජ වංශයෙහි ඉපිද ගෞතම නමින් බුදුව සූවිසි අසංඛ්‍යයක් සත්වයන් භව බන්ධනයෙන් මුදවන්නෙමි" යැයි වචනයෙන් කියා ප්‍රාර්‍ථනාකොට එතැන් පටන් නව අසංඛ්‍යයක් ඇතුළත ලෝ පහළ වූ තුන්ලක්‍ෂ සත් අසූදහසක් බුදුවරයන් දැක මහදන් පවත්වා වාක්ප්‍රණිධාන (වචනයෙන් බුදුබව පැතීම) මුදුන් පත් කළ සේක. (මෙහි දී ද අනියත විවරණ ලැබේ.)
* අසංඛ්‍යයෙහි නම පහළ වූ
බුදුවරු ගණන
13. සර්‍වභද්‍ර 50 000
12. සර්‍වපුල්ල 80 000
11. සර්‍වරතන 90 000
10. උෂභස්කන්‍ධ 70 000
09. මාණිභද්ද 60 000
08. පදුම 20 000
07. උසභ 10 000
06. ස්කන්‍ධත්‍ව 5 000
05. සර්‍වශෛල 2 000
එකතුව 3 87 000
ශ්‍රි සද්ධර්‍ම කෝෂය
දීපංකර බුදුන් වහන්සේ
මෙසේ මනෝවාක්ප්‍රණිධීන් පිරීමෙන් සොළොසාසංඛ්‍ය ඇතුළත ලෝ පහළ වූ පන්ලක්‍ෂ දොළොස්දහසක් (1 25 000 + 3 87 000 = 5 12 000) බුදුවරයන්ට මහ දන් පවත්වා මහබෝසතාණෝ මීට සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සාරමණ්ඩ නම් කල්පයෙහි දෙවියන්ගේ අමරවතී නම් රාජධානියෙහි සුමේධ නම් තාපස ව උපන් සේක. එම ආත්ම භාවයේ දී දිවකුරු බුදුන් වෙත දිවි පුදා බුදුබව ප්‍රාර්‍ත්ථනා කළේ ය. එහි දී දිවකුරු බුදුහු සුමේධ තාපසයන් හට නියත විවරණ දුන් සේක.

* පහළ වූ බුදුවරු
 ගණන
04. 4 තණ්‌හං‌කර, මෙධං‌කර, සරණං‌කර, දීපං‌කර යන සිවුබුදුවරුන්
03. 1 කොණ්‌ඩඤ්‌ඤ බුදුන්‌
02. 4 මං‌ගල, සුමන, රෙවත, සොභිත යන සිවුබුදුවරුන්
01. 3 අනොමදස්‌සී, පදුම, නාරද යන තුන්‌බුදුවරුන්‌
එකතුව 12
මීට කල්ප ලක්‍ෂයකට පෙර පදුමුත්තර බුදුන්ගේ පටන් ගෞතම බුදුන් දක්වා බුදුවරු 16 නමක් පහල විය. එවිට; 
කාලය (කල්ප) පහළ වූ
බුදුවරු ගණන
 ලක්‍ෂයකට පෙර 16
සාර අසංඛ්‍යයක් හා ලක්‍ෂයකට පෙර
(සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර)
28
තෙළෙස් අසංඛ්‍යයක් හා ලක්‍ෂයකට පෙර
(තෙළෙසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර)
3 87 028
විසි අසංඛ්‍යයක් හා ලක්‍ෂයකට පෙර
(විසි අසාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර)
5 12 028
මෙම කල්පයට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර එක් කල්පයක තණ්‌හං‌කර, මෙධං‌කර, සරණං‌කර, දීපං‌කරයන බුදුවරු සිව්නමක් පහල විය. නමුත් තණ්‌හං‌කර, මෙධං‌කර, සරණං‌කර යන තුන් බුදුවරුන් ගෙන් ද අප මහ බෝසතාණෝ වචනයෙන් ම බුදු බව පැතූහ. එබැවින් එම බුදුවරු තෙනම ද වාක්ප්‍රණිධියට අයත් වේ. (අනියත විවරණ දුන් සේක.) දීපංකර බුදුන් වහන්සේ නියත විවරණ දුන් සේක. දීපංකර බුදුන් පටන් කාශ්‍යප බුදුන් දක්වා බුදුවරු 24 නමක් ලොව පහළ විය. ඒ සෑම බුදුවරයෙක් හමුවෙහි ම අප මහ බෝසතාණෝ නියත විවරණ ලැබූ සේක. ඒ මසේ ය.

මුලින් සඳහන් තණ්‌හං‌කර, මෙධං‌කර, සරණං‌කර යන බුදුවරු තෙනම ද අප ගෞතම බුදුන් වහන්සේ ද සූවිසි බුදුන් වහන්සේලා ද යන 28ක් වූ බුදුවරු අටවිසි බුදුවරු ලෙස හැඳින්වේ.

Friday, October 23, 2015

ලෝක විනාශය


ලෝක විනාශවීම පිළිබඳ බුදු දහමෙහි ඉතා දීර්ඝ විස්තර ඇතුළත් වෙයි. එහි දී
  1. සත්ව විනාශ වීම හෙවත් අන්තර් කල්පය විනාශ වීම
  2. ලෝකය විනාශ වීම හෙවත් මහා කල්පය විනාශ වීම ලෙස විනාශ වීම් දෙපරිදි වේ.

මහා කල්පයක් කොටස් 4කි යුත්ත වේ. ඉන් කොටස් 3 ක ම මිහිපිට සත්ව වාසයක් නොමැත. එක් කොටසක පමණක් සත්වයන්ගේ වාසයක් ඇත. ඒ එක කොටසක කාලයට අසංඛ්‍ය කල්පයක් ලෙස හැඳින්වේ. එක් අසංඛ්‍ය කල්පයක් නැවත කොටස් 64 කට බෙදේ. එම එක් කොටසක් අන්තර් කල්පයක් ලෙස හැඳින්වේ. අන්තර් කල්පය තුල මනුෂ්‍යයන්ගේ පරමායුෂ (ජීවත් විය හැකි උපරිම කාලය) දස වර්ෂයේ සිට වර්ෂ අසංඛ්‍යය දක්වා වැඩි වී නැවත දස වර්ෂයට ම අඩු වේ.

සෑම අන්තර කල්පයක් අවසානයේ දී ම සත්ව විනාශයක් සිදු වේ. එය අන්තර් කල්ප විනාශය ලෙස හැඳින්වේ. ලෝකය විනාශ නොවේ. මෙවැනි අන්තර් කල්ප 64ක් ගිය පසු අසංඛ්‍ය කල්පය අවසන් වේ. ලෝක විනාශයක් සිදු වේ.

විවට්ට ස්ථායි කියන ලද ලොව ඇතිවී පවතිනා කාලය තුල මනුෂ්‍යයන්ගේ ආයු ක්‍රමානුකූල උච්චාවචනය වීමක් තිබුණ ද සංවට්ට, සංවට්ට ස්ථායි හා විවට්ට යන අසංඛ්‍ය කල්ප වල සත්වයන් නොමැති බැවින් මනුෂ්‍යයන්ගේ ආයු උච්චාවචනයක් දැක්විය නො හැක. නමුත් එම කාල වල ප්‍රමාණ දැන ගැනීමට එම කාල අන්තර් කල්ප වලින් දක්වයි. එම සෑම අසංඛ්‍ය කල්පයකට ම අන්තර් කල්ප 64 බැගින් දීර්ඝ කාලයක් ඈත. එවිට මහා කල්පයකට අන්තර් කල්ප 256ක් ඇත. (එක් අසංඛ්‍ය කල්පයකට අන්තර් කල්ප 20 ඇතැයි ද කියනු ලැබේ. එවිට මහා කල්පයකට අන්තර් කල්ප 80ක් ඇත.) මෙම කරුණු පිළිබඳ වෙන වෙන ම සලකා බලමු.
1. ලෝකය විනාශ වීම හෙවත් මහා කල්පය විනාශ වීම
 කල්ප විනාශය යනුවෙන් දැක්වෙනුයේ මනුෂ්‍ය ලෝකය පමණක් නොව දිව්‍ය, (ඇතැම්) බ්‍රහ්ම ලෝක පමණක් ද නොව මේ සක්වළත් සමග කෝටි ලක්‍ෂයක් සක්වළවල් විනාශ වන්නේ ය. ලොව විනාශ වන්නා වූ ආකාර 3ක් ඇත.
  1. තේජෝ සංවට්ටය. (ගින්නෙන් කල්පය විනාශ වීම)
  2. ආපෝ සංවට්ටය. (ජලයෙන් කල්පය විනාශ වීම)
  3. වායෝ සංවට්ටය. (සුළඟින් කල්පය විනාශ වීම) යනුවෙනි.
 තවද සංවට්ට සීමා හෙවත් එක් ලෝක ධාතුවක විනාශ වන ප්‍රමාණ ද තුනක් ඇත. ගින්නෙන් කල්පය විනාශ වන කල්හි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පහළ ද ජලයෙන් කල්පය විනාශ වන කල්හි සුභකිණ්ණක බ්‍රහ්ම ලෝකයෙන් පහළ ද සුළඟින් කල්පය විනාශ වන කල්හි වේහප්පල බ්‍රහ්ම ලෝකයෙන් පහළ ද විනාශ වේ.
 I. තේජෝ සංවට්ටය. (ගින්නෙන් කල්පය විනාශ වීම)
ගින්නෙන් කල්පය විනාශ වන කල්හි කල්ප විනාශකර මහා වැසි කෝටි ලක්‍ෂයක් සක්වළ එක විට ම වසී. එය කල්ප විනාශ මහා මේඝය ලෙස හැඳින්වේ. එවිට මනුෂ්‍යයෝ සතුටු ව ගොවිතැන් බත් ආදිය කරති. නමුත් එම පැල මසක් දෙකක් පමණ වැඩෙන විට වැසි පොදක් වත් නොමැති ව අහසේ ගෙරවීම් විදිලි කෙටීම් පමණක් ඇති වන්නේ ය. මෙසේ නතර වූ වැස්ස එම කල්පයේ අවසාන වැස්ස ද වන්නේ ය. එ කල්හි වැස්සෙන් දිවි පවත්වන සත්වයෝ මිය ගොස් දෙව් ලොව ආදියෙහි ඉපිද ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝක වල උපදින්නේ ය. මෙසේ වැසි නැති වීමෙන් ජලය ද වියළී ගොස් මත්ස්‍ය ආදී ජලජ ජීවීන් ද මිය ගොස් දෙව් ලොව ආදියෙහි ඉපිද ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝක වල උපදින්නේ ය. (මෙය අපරාපරීය කර්ම නිසා සිදු වේ. පෙර සසර අපරාපරීය කර්ම නොකළ සත්වයන් නැති බව ද දැක්වේ.)
එකල්හි ලෝකබ්‍යූහ නම් කාමාවචර දෙවියෝ කෙස් මුදා විසුරුවා ගෙන හඬා වැලපෙමින් මිනිස් ලොව හැසිරෙමින් "අවුරුදු ලක්‍ෂයකින් කල්ප විනාශය වන්නේ ය. එබැවින් පින් දහම් කරව්." යනාදිය පවසමින් කල්ප විනාශය වන බව දන්වන්නේ ය. මෙය කප්ප කෝලාහලය ලෙස ද හැඳින්වේ. එබස් අසා මනුෂ්‍යයෝ ද බූමාටු දෙවියෝ ද පිංකම් කොට දෙව් ලොව ඉපිද එහි දී කසින භාවනා වඩා බ්‍රහ්ම ලෝකයේ උපදිති. අන්‍යයෝ අපරාපර්ය වේදනීය කුසල කර්ම බලයෙන් දෙව් ලොව ඉපිද ධ්‍යාන වඩා බ්‍රහ්ම ලෝකයේ උපදිති.
 මෙසේ වැසි නැවතී බොහෝ කලක් ගතවීමෙන් දෙවන සූර්යයෙක් පහළ වන්නේ ය. එවිට රෑ දහවල් වෙනසක් නො පෙනෙයි. එක් ඉරක් බැස යන කල්හි අනෙක් ඉර නැගෙන්නේ ය. මේ සූර්යයන් දෙදෙනාගේ හිරු කිරණ හේතුවෙන් හිමාලයෙන් ගලා බස්නා ගංගා, යමුනා, අචිරවතී, සරභූ හා මහී යන පංච මහා ගංගාවන් හැර සෙසු සියලු ම ගංගා, ඇල, දොල ආදිය වියළෙන්නේ ය. මෙසේ බොහෝ කාලයක් ගතවීමෙන් පසු ව තුන් වන සූර්යයෙක් පහළ වන්නේ ය. එයින් පංච මහා ගංගාවෝ ද වියළෙන්නේ ය. එයට ද බොහෝ කාලයක් ගතවීමෙන් පසු ව සිව් වන සූර්යයෙක් පහළ වන්නේ ය. එයින් හිමවත පංච මහා ගංගාවන් හට ගන්නා වූ සීහපපාතය, හංසපාතය, කණ්ණමුණ්ඩකය, රථකාරය, අනොතත්තය, ඡද්දන්තය හා කුණාලය යන සප්ත මහා විල් සම්පූර්ණයෙන් ම වියළේ. එයට ද බොහෝ කාලයක් ගතවීමෙන් පසු ව පස් වන සූර්යයෙක් පහළ වීමෙන් මහා සාගර ජලය ද වියළේ. එයට ද දීර්ඝ කාලයක් ගතවීමෙන් පසු ව සය වන සූර්යයෙක් පහළ වන්නේ ය. එයින් කෝටි ලක්‍ෂයක් සක්වළ වියළී දුම් දමමින් දුමින් පිරී යන්නේ ය. එයට ද බොහෝ කාලයක් ගතවීමෙන් පසු ව හත් වන සූර්යයෙක් පහළ වන්නේ ය. එයින් කෝටි ලක්‍ෂයක් සක්වළවල් එක ම ගිනි ජාලාවක් වන්නේ ය. මහ පොළොව දැවී සදිව්‍ය ලෝක ද දැවෙන්නේ ය. මෙසේ ක්‍රමයෙන් ගින්න පැතිර ගොස් ප්‍රථම ධ්‍යාන තලය ද විනාශ වන්නේ ය. මෙසේ පැතිර පවත්නා ගින්න ආභස්සර බඹ ලොවට පහළින් ඇති සියළු බ්‍රහ්ම ලෝක ද කාමාවචර භූමි ද විනාශ කරන්නේ ය. සියළු ම ද්‍රව්‍ය අලු පමණක් වත් ඉතිරි නොකොට දැවී ගිය පසු ක්‍රමයෙන් ගින්න නිවී යයි. මේ විනාශයට ගත වන කාලය සංවට්ට අසංඛ්‍ය කල්පය යැයි කියනු ලැබේ.
 මෙසේ ප්‍රථම ධ්‍යාන භූමිය හා කාමාවචර භූමීන් නොමැතිව හිස් ව ඉතා දීර්ඝ කාලයක් පවතින්නේ ය. (නමුත් ආභස්සර බඹ ලොව හා ඊට ඉහළින් පිහිටි බ්‍රහ්ම ලෝක විනාශ නොවේ.) මෙසේ හිස් ව පවතින්නා වූ කාලය සංවට්ට ස්ථායි අසංඛ්‍ය කල්පය ලෙස හැඳින්වේ. එය ද අන්තර් කල්ප 64ක් පමණ දීර්ඝ වේ.
 මෙසේ පහළ පිහිටි භූමීන් හිස් ව ඇති විට ඉහළින් සිටින්නා වූ බ්‍රහ්මයන් හට "නැවත ලොව හට ගන්නේ නම් හොඳ ය." යැයි සිතේ. එම බ්‍රහ්මයන්ගේ සිත ප්‍රත්‍ය කොට ගෙන හිස් අවකාශය තුල සියුම් ජල බින්දු හට ගන්නේ ය. මෙසේ ජල බින්දු එක් වී මහා වර්ෂාවක් ඇති වන්නේ ය. මෙම වර්ෂාව කෝටි ලක්‍ෂයක් සක්වළ පුරා වහින්නේ ය. එය සම්පත්තිකර මහා මේඝය ලෙස හැඳින්වේ. හිස් අවකාශය තුල එම ජලය එකතු වී මහත් ජල ප්‍රදේශයක් හට ගන්නේ ය. වාතය මගින් මෙම ජලස්කන්ධය ඝන වී නො විසිර පවත්ව ගන්නේ ය. මෙසේ ඝන වී සංකෝචනය වන ජලස්කන්ධය නිසා පෙර තිබූ ප්‍රථම ධ්‍යාන තලය තිබූ තැන එය හට ගන්නේ ය. එයට යටින් දිව්‍ය ලෝක සය හා මනුෂ්‍ය ලෝක ද පිළිවෙළින් පිහිටන්නේ ය. මනුෂ්‍ය ලෝකය හට ගන්නා කල්හි බලවත් වායු දහරාවක් ජල පොළොව වට පිහිටයි. මිහිරි වූ ඒ ජලය ක්‍රමයෙන් ක්‍ෂය වෙමින් යොදයක් මෙන් රස පොළොව හට ගන්නේ ය. මෙසේ කාලයක් ගතවීමෙන් හිරු සඳු පහළ වන්නේ ය. සම්පත්තිකර මහා මේඝයේ පටන් හිරු සඳු පහළ වීම දක්වා වූ කාලය විවට්ට අසංඛ්‍ය කල්පය ලෙස හැඳින්වේ. එය ද අන්තර් කල්ප 64ක් පමණ දීර්ඝ වේ.
මෙසේ ඇති කල්හි, ආභස්සර බඹ ලොව ආයු අවසන් වූ බ්‍රහ්මයෙක් එයින් චුත වී මේ පොළොවේ ඕපපාතික ව පහළ වේ. මෙසේ කල් යත් ම තවත් බ්‍රහ්මයන් ඕපපාතික ව පහළ වේ. ඔවුන් ප්‍රීතිය ආහාර කොට ඇත්තේ ය. ශරීරාලෝකයෙන් බැබළෙන්නේ ය. අහසෙහි හැසිරෙන්නේ ය. සතුටින් යුතු ව දීර්ඝ කාලයක් සිටිති. හිරු සඳු ආදිය පහළ වුව ද නො පෙනේ. (ලොව වටා දුමාරයක් පවතියි.) එබැවින් රෑ දහවලක් නො පෙනෙයි.
එකල්හි ආසාව අධික එක් සත්වයෙක් 'මේ කුමක් දැ'යි බැලීමට රස පොළොව ඇඟිල්ලෙන් ගෙන රස බලයි. ආසාව වැඩි වී ගියේ ය. අනෙක් සත්වයෝ ද රස බලා ආසාව වැඩී ගිය කල්හි රස පොළොව ගුලි කර (ගුලි සාදා) අනුභව කරන්නට පටන් ගත්තේ ය. මේ හේතුවෙන් ඔවුන්ගේ ශරීරාලෝකය නැති වී ගියේ ය. එවිට කෙමින් කෙමින් අන්ධකාරය පැතිරෙන්නට විය. අන්ධකාරය නිසා ඔවුහු බියපත් වන්නට විය. මෙසේ කාලයක් ගත වී යෑමෙන් අහස වටා වූ ධූලි මැකී ගොස් හිරු සඳු ආදිය දිස් වන්නට විය.
මේ ඕපපාතික ව පහළ වූ සත්වයන්ගේ ආයුෂ වර්ෂ අසංඛ්‍යයක් පමණ අති දීර්ඝ වේ. ඉතා සියුම් ශරීර විය. බොහෝ රූප සම්පන්න විය. නමුත් අකුසල දහම් ටිකින් ටික වැඩි වීම හේතුවෙන් ඔවුන්ගේ ආයු, වර්ණ, සැප, බල හා ප්‍රඥාව ක්‍රමක්‍රමයෙන් පිරිහෙන්නට විය. (මේ පිළිබඳ විස්තර අග්ගඤ්ඤ සූත්‍රයේ දැක්වේ.)
මෙසේ ආයුෂ පිරිහී ගොස් පරමායුෂ වර්ෂ 10ක් තරම් අඩු වන්නේ ය. එවිට සත්ව විනාශයක් වන්නේ ය. එය අන්තර් කල්ප විනාශය ලෙස හැඳින්වේ. එම සත්ව විනාශයෙන් බේරුණු සත්වයෝ නැවත කුසල ධර්‍මයන් වර්ධනය කිරීම නිසා ආයු වැඩෙන්නේ ය. එසේ වැඩී ගොස් පරමායුෂ වර්ෂ අසංඛ්‍යය දක්වා වැඩි වන්නේ ය. එහි දී නැවත අකුසල දහම් උත්සන්න වී ආයු පිරිහෙන්නේ ය. මෙසේ මෙය චක්‍රයක් ලෙස සිදු වන්නේ ය. අවසානයේ දී නැවත විපත්තිකර මහා මේඝය නිසා කල්ප විනාශය ආරම්භ වන්නේ ය. හිරු සඳු පහළ වීමේ පටන් විපත්තිකර මහා මේඝය දක්වා වූ කාලය විවට්ට ස්ථායි අසංඛ්‍ය කල්පය ලෙස හැඳින්වේ. එය ද අන්තර් කල්ප 64ක් පමණ දීර්ඝ වේ.
II. ආපෝ සංවට්ටය. (ජලයෙන් කල්පය විනාශ වීම)
ජලයෙන් කල්පය විනාශ වන කල්හි ද පළමුවෙන් ම විපත්තිකර මහා මේඝය වසියි. මෙම වර්ෂාව ක්‍රමක්‍රමයෙන් වැඩි වී ගොස් කෝටි ලක්‍ෂයක් සක්වළ පුරා වසියි. මෙයින් මහ පොළොව, දිව්‍ය ලෝක ආදිය දිය වී ගොස් දුතිය ධ්‍යාන තලයෙහි සුභකිණ්ණක බඹ ලොව දක්වා ම දිය වී යන්නේ ය. සියල්ල දිය වූ පසු ජලය වියළී යයි. මෙතෙක් කාලය සංවට්ට අසංඛ්‍ය කල්පය ලෙස හැඳින්වේ. අනෙක් අසංඛ්‍යය කල්ප පෙර පරිදි ම ය.
III. වායෝ සංවට්ටය. (සුළඟින් කල්පය විනාශ වීම)
වාතයෙන් කල්පය විනාශ වන කල්හි ද පළමුවෙන් ම විපත්තිකර මහා මේඝය වසියි. පසු ව වර්ෂාව නතර වී කල්ප විනාශය පිණිස වාතය හට ගනියි. පළමු ව සියුම් ධූලි, සියුම් වැලි, මහ වැලි, මහ ගල් ආදිය ඉහළට නංවයි. එසේ ම මහා වෘක්‍ෂ, පර්වත ආදිය ද ඉහළට නංවයි. ඒවා අහසෙහි ම සුනුවිසුනු වී යයි. අනතුරු ව පොළොව ද බිඳී අහසට ගොස් සුනුවිසුනු වී යයි. මෙසේ මහ පොළොව ද භූමස්ථ ආකාශස්ථ විමන් ද සදිව්‍ය ලෝක ද බ්‍රහ්ම ලෝක ද සුනුවිසුනු වී ගොස් වේහප්පල බඹ ලොවෙන් පහළ සියල්ල විනාශ වී යන්නේ ය. කෝටි ලක්‍ෂයක් සක්වළ මෙසේ සුළඟින් විනාශ වී යයි. කල්ප විපත්තිකර මහා මේඝයේ පටන් කල්ප විනාශකර මහා වාතය නැවතීම තෙක් කාලය සංවට්ට අසංඛ්‍ය කල්පය ලෙස හැඳින්වේ. අනෙක් අසංඛ්‍යය කල්ප පෙර පරිදි ම ය.
මෙසේ කල්ප විනාශය වන්නේ අකුසල් මූල හේතුවෙන් බව දැක්වේ. එහි දී රාගය අධික වූ කල්හි ගින්නෙන් ද ද්වේශය අධික වූ කල්හි ජලයෙන් ද මෝහය අධික වූ කල්හි වාතයෙන් ද විනාශ වේ.
මෙසේ සක්වළවල් විනාශ වන යම් රටා වක් ද දැක්වේ. එනම් සත් වරක් ගින්නෙන් ද අට වන වර ජලයෙන් ද විනාශ වේ. මෙසේ සත් වරක් ජලයෙන් විනාශ වූ විට අට වන වර වාතයෙන් විනාශ වේ. එනම් 64 වතාවක දී ගින්නෙන් 56 වතාවක් ද ජලයෙන් 7 වතාවක් ද විනාශ වූ විට වාතයෙන් එක් වරක් විනාශ වේ.
2. සත්ව විනාශ වීම හෙවත් අන්තර් කල්පය විනාශ වීම
ඉහත විවට්ට ස්ථායි අසංඛ්‍ය කල්පය පිළිබඳ කරුණු දැක්වීමේ දී සත්ව විනාශ වීම පිළිබඳ (ලෝක විනාශය නොව) සැකෙවින් දක්වන ලදි. විස්තර වශයෙන් මෙසේ ය. අන්තර් කල්පය විනාශ වන ආකාර 3ක් ඇත. ද්වේශය බලවත් වීමෙන් ආයුධ වලින් සත්ව විනාශයක් සිදු වේ. එය සත්ථ (ආයුධ) අන්තර් කල්පයයි. ලෝභය බලවත් වීමෙන් දුර්භික්ෂයෙන් සත්ව විනාශයක් සිදු වේ. එය දුර්භික්‍ෂ අන්තර් කල්පයයි. මෝහය බලවත් වීමෙන් රෝගයෙන් සත්ව විනාශයක් සිදු වේ. එය රෝග අන්තර් කල්පයයි.
 මිනිස් ලොව පරමායුෂ වර්ෂ 10 ට පමණ අඩු වී ගිය විට, අවුරුදු 5ක් පමණ වූ දැරියක් විවාහ කර දීමට සුදුසු වන්නේ ය. එ කල්හි ගිතෙල්, වෙඬරු, තල තෙල්, මී, හකුරු, ලුණු යන මේ රස නැති වී යන්නේ ය. කුද්‍රැසක (කුරක්කන්) නම් ධ්‍යානය ප්‍රියතම භෝජනය වන්නේ ය. දශ අකුසල කර්මපථයෝ අතිශයින් පැතිරෙන්නා හ. ප්‍රාණඝාතය කරන්නන්, සොරකම් කරන්නන්, දෙමාපියන් ඝාතකයින්, දෙමාපියන්ට නොසළකන්නන් කිසි ගුණ ධර්මයක් නැත්තවුන් ඉතා ඉහළ වැජඹෙන්නේ ය. එකල්හි කුසලය, යහපත යන වචන වත් අසන්නට නො ලැබේ. ඒ සත්වයන් තුළ ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේෂය, දැඩි වධක චිත්තය (මැරීමේ ආශාව) ඇති වන්නේ ය. සිත දූෂ්‍ය නිසා එකිනෙකා මෘගයන් ලෙස පෙනෙන්නේ ය. (මෘග සඤ්ඤාව/ මිගසඤ්‌ඤං) එ කල්හි සත් දවසක් මුළුල්ලෙහි ආයුධ වලින් ඇන කොටා ගෙන විනාශ වන කාලය වන්නේ ය.
මේ ගැන කලින් අසා දැන ගෙන ස්වල්පයක් දෙනා, එයින් මිදෙනු කැමති ව ගල් ගුහා, ගිරිදරක්, ගංගා මැද දූපත් ආදියෙහි සැඟවී වනයෙහි වූ අල, මුල් ආදිය ආහාරයට ගෙන සතියක් පමණ කාලයක් නිරුපද්‍රිත ව වාසය කරයි. අන් සියල්ලෝ ම ඇන කොටා ගෙන මරණයට පත් වන්නේ ය. සැඟව සිටි පිරිස සතියක් ඇවෑමෙන් නැවත තම ගම් බිම් වලට පැමිණ තම ඥාතීන්ට සිදු වී ඇති විපත දැක බොහෝ සේ කම්පාවට පත් වන්නේ ය. මෙසේ විශාල විනාශයක් සිදු වූයේ ප්‍රාණඝාතාදී අකුසල් නිසා බව වටහා ගත් ඔවුහු ප්‍රාණඝාතයෙන් ඈත් වන්නේ ය. එවිට බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ වර්ෂ 20ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්‍යයෝ සොරකම් කිරීමෙන් වළකින්නේ ය. බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ වර්ෂ 40ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්‍යයෝ කාම මිච්ඡාචාරයෙන් වළකින්නේ ය. බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ වර්ෂ 80ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්‍යයෝ බොරු කීමෙන් වළකින්නේ ය. බොහෝ කාලයක් ගත වීමෙන් මනුෂ්‍යයන්ගේ පරමායුෂ වර්ෂ 160ක් දක්වා වැඩි වන්නේ ය. කේලම් කීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 320ක් දක්වා වැඩි වන්නේ ය. පරුෂ වචන කීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 640ක් දක්වා වැඩි වන්නේ ය. හිස් වචන කීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 2 000ක් දක්වා වැඩි වන්නේ ය. දැඩි ලෝබකම් කිරීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 4 000ක් දක්වා වැඩි වන්නේ ය. දැඩි ද්වේෂකම් කිරීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 8 000ක් දක්වා වැඩි වන්නේ ය. මිසදිටු ගැනීමෙන් වළකින්නේ ය. පරමායුෂ වර්ෂ 20 000ක් දක්වා වැඩි වන්නේ ය. මනුෂ්‍යයෝ අධර්ම රාග (මව, සුළු මව ආදීන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම), විෂම ලෝභ (පරිභෝග කළ යුතු වස්තූන්ගේ කෙරෙහි ද දැඩි ව ලෝභ කිරීම), මිථ්‍යා ධර්ම (පිරිමින් පිරිමින් කෙරෙහිත් ස්ත්‍රීන් ස්ත්‍රීන් කෙරෙහිත් රාගය ඉපදවීම) වලින් වළකින්නේ ය. ඔවුන්ගේ පරමායුෂ වර්ෂ 40 000ක් දක්වා වැඩි වන්නේ ය. මවට සත්කාර කිරීම, පියාට සත්කාර කිරීම, මහණ හට සත්කාර කිරීම, බමුණන් හට සත්කාර කිරීම, කුලයේ වැඩිහිටියන්ට ගරු බුහුමන් කිරීම යන ගුණ ධර්ම රකින්නේ ය. ඔවුන්ගේ පරමායුෂ වර්ෂ 80 000ක් දක්වා වැඩි වන්නේ ය. පරමායුෂ වර්ෂ 80 000ක් වන විට මිනිසුන්ට රෝග 3ක් පමණක් වැළඳේ. එනම් ආහාරයට ඇති කැමැත්ත, ආහාර ගත් විට ක්ලාන්ත වීම (බත් මතය) හා වයසට යන විට වයස් ගත ලකුණු පහල වීම යන ආබාධ තුනයි.
මෙසේ ආයුෂය වැඩෙන්නේ ක්‍ෂේත්‍ර විශුද්ධිය නිසා ය. එනම් මාපියෝ සිල්වත් ය. සිල් ඇති ව දරු ගැබ් වැඩේ. එයින් දීර්‍ඝායුෂ වේ. ඔවුන් කලුරිය කර නැවත උපදින විට සීලය නිසා දීර්‍ඝායුෂ වේ. මෙසේ අකුසල් අත් හැර කුසල සමාදානය නිසා ක්‍රමයෙන් ආයු වැඩි වී ගොස් පරම ආයුෂ වර්ෂ අසංඛ්‍යය දක්වා ම වැඩි වන්නේ ය. ඒ කාලයේ මිහිපිට දෙව් ලොව මෙන් සශ්‍රීක වන්නේ ය. සත්වයෙකු මිය යෑම ඉතා දීර්ඝ කාලයකින් සිදු වන්නේ ය. එබැවින් ඔවුන්ට 'අපි නිත්‍ය වූ ආයුෂ ඇත්තෝ වෙමු.' යැයි සිතේ. මෙසේ ක්‍රමයෙන් තණ්හා හා මාන ආදී අකුසල් කෙමින් වර්ධනය වීමට පටන් ගනී. එවිට ක්‍රමයෙන් ආයු පිරිහෙන්නට වන්නේ ය. (මේ පිළිබඳ විස්තර චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ දැක්වේ.)
මෙසේ අකුසල් වර්ධනය වී සතුන් මැරීම, සොරකම් කිරීම, ... ආදිය ක්‍රමයෙන් වර්ධනය වන්නේ ය. ආයුෂ ද පිරිහෙන්නේ ය. එසේ පිරිහෙන්නා වූ ආයුෂ වර්ෂ 10 දක්වා ම අඩු වන්නේ ය. එවිට සත්ව විනාශයක් වන්නේ ය. එය අන්තර් කල්ප විනාශයයි. මෙසේ මිනිසුන්ගේ පරමායුෂ වර්ෂ 10 සිට ක්‍රමයෙන් වැඩි වී ගොස් අසංඛ්‍ය දක්වා වැඩි වී නැවතත් 10 වර්ෂය දක්වා අඩු වීමට ගත වන කාලය අන්තර් කල්පයක් ලෙස හැදින්වේ.

රතු පාට වක්‍රයෙන් ආයු පිරිහීම ද නිල් පාට වක්‍රයෙන් ආයු වර්ධනය ද දැක්වේ. එහි ආයුෂ වැඩෙන කාලයේ බුදුවරු පහල නො වෙති. ආයු පිරිහෙන කාලයෙහි උපදිති. එහි දී පරමායුෂ වර්ෂ ලක්‍ෂයට වඩා වැඩි නම් බුදුවරු ලොව පහල නො වෙති. හේතුව එකල සත්වයන්ගේ ඉපදීම, වයසට යෑම, ලෙඩ වීම, මිය යෑම අප්‍රකට ය. බුදුවරුන්ගේ දහම ත්‍රිලක්‍ෂණයෙන් යුක්ත ය. ජාති, ජරා, මරණ යැයි දේශනා කරන ඔවුන්ට මේ කුමක් දැයි ඇසිය යුත්තක් කොට නො සිතයි. එසේ විට සසුන ප්‍රයෝජනවත් නොවේ. එබැවින් එකල බුදුවරු නූපදියි. එසේ ම පරමායුෂ වර්ෂ 100ට වඩා අඩු ද එකල ද බුදුවරු ලොව පහළ නොවේ. හේතුව එකල සත්වයෝ උත්සන්න කෙලෙස් ඇත්තෝ වෙයි. උත්සන්න කෙලෙස් ඇත්ත වුන්ට දුන් අවවාදය අවවාද ස්ථානයෙහි නො සිටියි. දියෙහි ඇඳි රේඛාව මෙන් වහා මැකී යයි. එබැවින් එය ද අකාලයයි. පරමායුෂ වර්ෂ 100හි පටන් වර්ෂ ලක්‍ෂය දක්වා කාලය අතර තුරු බුදුවරු ලොව පහළ වේ. පඤ්ච විලෝකනය (පස්මහ බැලුම් බැලීමේ) දී මෙය කාලය ලෙස හැඳින්වේ.
එසේම ගුණවතුන්ගේ පහල වීම් වශයෙන් කල්පය දෙපරිදි ය. ශුන්‍ය කල්පය හා අශුන්‍ය කල්පය කියායි. එහි ශුන්‍ය කල්පයෙහි බුදු, පසේබුදු, සක්විත්තෝ නූපදිති. එහෙයින් ගුණවත් පුද්ගලයන්ගේ ශුන්‍ය බැවින් ශුන්‍ය කල්පයයි කියනු ලැබේ. අශුන්‍ය කල්පය සාරකල්පය මණ්ඩකල්පය වරකල්පය සාරමණ්ඩකල්පය භද්‍රකල්පය යැයි පස් ආකාර වෙයි. එහි එක් සම්මා සම්බුදු කෙනෙකුන්ගේ පහල වීමෙන් සාරකල්පය නම් වෙයි. යම් කල්පයක ලෝක නායකයන් වහන්සේලා දෙනමක් උපදිත් ද එය මණ්ඩකල්පය යැයි කියනු ලැබේ. යම් කපක තුන්බුදු කෙනෙකුන් උපදිත් ද වරකල්පය යැයි කියනු ලැබේ. යම් කල්පයක සිවුබුදු කෙනෙක් උපදිත් ද එය පෙර කල්පයට වඩා විශිෂ්ටතර හෙයින් සාරමණ්ඩකල්පය යැයි කියනු ලැබේ. යම් කල්පයක පස්බුදු කෙනෙක් උපදිත් ද එය භද්‍රකල්පය යැයි කියනු ලැබේ. එය අති දුර්ලභ ය. ඒ කප බොහෝ සෙයින් සත්වයෝ කලණ සැප බහුල වෙති. බෙහෙවින් ත්‍රිහේතුකයෝ ක්ලේශක්‍ෂය කරති. දුහේතුකයෝ සුගතිගාමී වෙති. අහේතුකයෝ හේතු ලබති. එහෙයින් ඒ කල්පය භද්‍රකල්පය යැයි කියනු ලැබේ.
  • යම් මහාකල්පයක බුදුවරු නූපදී නම් එය ශුන්‍ය කල්පයක් ලෙස හැඳින්වේ.
  • යම් මහාකල්පයක බුදුවරු එක් නමක් පහළ වේ නම් එය සාරකල්පයක්  ලෙස හැඳින්වේ. මහාකල්පයේ පළමු අන්තර් කල්පයේ ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්‍ෂයත් සියයත් අතර එක් බුදු කෙනෙකු ම උපදිති.(කොණ්ඩඤ්ඤ බුදුන්‌ පහල වූ කල්පය ද පදුමුත්තර බුදුන්‌ පහල වූ කල්පය ද සිද්‍ධත්‍ථ බුදුන්‌ පහල වූ කල්පය ද විපස්සී බුදුන්‌ පහල වූ කල්පය ද සාරකල්පයකි)
  • යම් මහාකල්පයක බුදුවරු දෙනමක් පහළ වේ නම් එය මණ්ඩකල්පයක්  ලෙස හැඳින්වේ. මහාකල්පයේ පිළිවෙළින් පළමු හා දෙවන අන්තර් කල්ප වල ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්‍ෂයත් සියයත් අතර උපදිති.(සුමේධ, සුජාත යන බුදුවරුන්‌ දෙනම පහල වූ කල්පය ද තිස්ස, ඵුස්ස යන බුදුවරුන්‌ දෙනම පහල වූ කල්පය ද සිඛි, වෙස්සභූ යන බුදුවරුන්‌ දෙනම පහල වූ කල්පය ද මණ්ඩකල්පයකි)
  • යම් මහාකල්පයක බුදුවරු තුන් නමක් පහල වේ නම් එය වරකල්පයක්  ලෙස හැඳින්වේ. මහාකල්පයේ පිළිවෙළින් පළමු, දෙවන හා තෙවන අන්තර් කල්ප වල ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්‍ෂයත් සියයත් අතර උපදිති.(අනෝමදස්සී, පදුම, නාරද යන තුන්‌බුදුවරුන්‌ පහල වූ කල්පය ද පියදස්සී, අත්‍ථදස්සී, ධම්මදස්සී යන තුන්‌බුදුවරුන්‌ පහල වූ කල්පය ද වරකල්‌පයකි)
  • යම් මහාකල්පයක බුදුවරු සිවුනමක් පහල වේ නම් එය සාරමණ්ඩකල්පයක්  ලෙස හැඳින්වේ. මහාකල්පයේ පිළිවෙළින් පළමු, දෙවන, තෙවන හා සිව්වන අන්තර් කල්ප වල ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්‍ෂයත් සියයත් අතර උපදිති. (තණ්හංකර, මේධංකර, සරණංකර, දීපංකර යන සිව්බුදුවරුන්‌ පහල වූ කල්පය ද මංගල ,සුමන, රේවත, සෝභිත යන සිව්බුදුවරුන්‌ පහල වූ කල්පය ද සාරමණ්ඩකල්පයකි)
  • යම් මහාකල්පයක බුදුවරු පස්නමක් පහල වේ නම් එය භද්‍රකල්පයක් ලෙස හැඳින්වේ. මහාකල්පයේ පිළිවෙළින් පළමු, දෙවන, තෙවන, සිව්වන හා පස්වන අන්තර් කල්ප වල ආයු පිරිහෙන කාලයෙහි, පරමායුෂ වර්ෂ ලක්‍ෂයත් සියයත් අතර උපදිති. (කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම යන පස්බුදුවරුන්‌ පහල වූ කල්පය භද්‍රකල්‌පයකි)